යාපනය සරසවියේ කථිකාචාර්යවරියකට වන අලි ප්‍රහාරයක්

වන අලි ප්‍රහාරයකට ලක් වූ යාපනය සරසවියේ කථිකාචාර්යවරියක් දැඩි සත්කාර ඒකකයට

by Staff writer 20-07-2020 | 4:25 PM

COLOMBO (News 1st) - යාපනය විශ්වවිද්‍යාලයේ, කිලිනොච්චි මණ්ඩපයේදී එල්ල වූ වන අලි ප්‍රහාරයකින් කථිකාචාර්යවරියක් තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, ඇය යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. 34 හැවිරිදි එම කථිකාචාර්යවරිය කැලණිමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඊයේ රාත්‍රී 7.20 ට පමණ ඇය වන අලි ප්‍රහාරයට ලක්ව තිබේ.