මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයින් 29ක් ගැන පැමිණිලි

මැතිවරණ නීති කඩ කළ අපේක්ෂකයින් 29 දෙනෙකුට එරෙහිව පැමිණිලි

by Staff writer 20-07-2020 | 10:43 AM

COLOMBO (News 1st) :  මැතිවරණ නීති කඩ කිරීම සම්බන්ධයෙන් අපේක්ෂකයින් 29 දෙනෙකුට එරෙහිව පැමිණීලි ලැබී ඇතැයි පොලීසීය පවසයි.

මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ, නීති කඩ කළ අපේක්ෂකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඔවුන් පුත්තලම, කුරුණෑගල සහ යාපනය දිස්ත්‍රික් අපේක්ෂකයින් ය. මැතිවරණ නීති උල්ලංඝණය කරමින් රාජකාරියේ නිරත වූ පොලිස් නිලධාරීන් 5 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. ඒ අතරට පොළොන්නරුව සහ ජා- ඇල පොලිස් ස්නාධිපතිවරුන් ද ඇතුළත් වේ. එලෙස නීති කඩ කළ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකුගේ සේවය අත්හිටුවා ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ ය. අනෙක් නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මේ වනවිට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 207 කි. ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් 222 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 64 කි. මැතිවරණයට අදාළව අපරාධ ගණයේ පැමිණිලි 50 ක් වාර්තා වී ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ ය.