නවීන් නායකත්ව සිහිනය හෙළි කරයි

පක්ෂයේ නායකයා වෙන්න මට පුළුවන් ! - නවීන් දිසානායක

by Staff writer 20-07-2020 | 9:28 PM

COLOMBO (News 1st) - නුවරඑළියේ ඊයේ පැවති රැස්වීමකදී නවීන් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂය තුළ සිය ඉදිරි දැක්ම පැහැදිලි කළේ ය.

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක නවීන් දිසානායක මහතා, මම කෙලින් කතා කරන, කෙලින් වැඩ කරන දේශපාලනඥයෙක්. එතකොට එක්සත් ජාතික පක්ෂය ඇතුළේ මම ඉන්නවා එතන ඉහළ තැනක. මං හිතනවා මට පුළුවන් කියලා පක්ෂයේ නායකයා වෙන්නෙ. මං පක්ෂයේ නායකයා වෙලා මේ රටේ ඉහළම පුටුවකට ජනාධිපති නැත්තන්, අගමැති වුනොත් කවදාහරි ඒකෙ වාසිය එන්නේ ඕගොල්ලන්ට. මට වෙන පක්ෂයකට ගිහිල්ලා තරග කරන්න අමාරුයි. කෙටි කාලයකට අවුරුදු තුනකට මම මහින්ද රාජපක්ෂත් එක්ක එකතු වුණේ යුද්ධය අවසන් කරන්න. ඊට පස්සේ මං ආයෙත් යූ.එන්.පී එකට ඇවිල්ලා දිගටම යූ.එන්.පී එකේ ඉන්නවා. යූ.එන්.පී කාටවත් නැති කරන්න බෑ. ඒක ජීවමාන පක්ෂයක් මේ රටේ. මම කියන්නේ අනිවාර්යෙන් අපි මේ පක්ෂයේ පක්ෂ නායකත්වයේ වෙනසකුත් වෙන්න ඕන. ඒක මං හිතන්නේ අවුරුදු විසි හයක් එක පුද්ගලයෙක්ට පක්ෂයේ නායකයා වෙලා ඉන්න බෑ. අපි ඒක ඕපන්ලි කියනවා. එකේ හංගන්න දෙයක් නෑ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා විසිපස් වෙනිදා එනවා නුවරඑළියට. අපි එතුමාට ඕපන්ලි කියනවා මේක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්.
https://www.facebook.com/NewsfirstSL/videos/2051383081664476/