දෙහිඕවිටට මිලිමීටර 219 ක වර්ෂාපතනයක්

දෙහිඕවිටට මිලිමීටර 219 ක වර්ෂාපතනයක්

by Staff writer 20-07-2020 | 9:15 AM

COLOMBO (News 1st) : බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට ඉදිරි පැය 12 තුළ මිලිමීටර 100ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද උදෑසන 8 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ කෑගල්ල, දෙහිඕවිට ප්‍රදේශයට ය. එම අගය මිලිමීටර 219 කි. ගාල්ල , හියාරේට මිලිමීටර 160 ක් සහ ඇත්කුඳුරට මිලිමීටර 137.5 ක වර්ෂාපතනයක් ලැබී තිබේ. කළුතර, මීගහතැන්නට ලැබී ඇති වර්ෂාපතන අගය මිලිමීටර 117 කි. රත්නපුර , පරකඩුවට මිලිමීටර 106 ක් සහ ගම්පහ පස්යාලට මිලිමීටර 100 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.