දිස්ත්‍රික්ක 5 කට නාය යාමේ අනතුරු ඇඟවීමක්

දිස්ත්‍රික්ක 5 කට නාය යාමේ අනතුරු ඇඟවීමක්

by Staff writer 20-07-2020 | 3:59 PM

COLOMBO (News 1st) - පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක 5 කට නාය යාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට එලෙස පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, වලල්ලාවිට සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටද එම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ නාය යාම් පිළිබද පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටයි. රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නාය යාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.