PHI සාකච්ඡා අදත් අසාර්ථකයි...

ගැසට් එකට PHIවරු ගාවගන්නේ නැති හේතුව ?

by Staff writer 20-07-2020 | 8:37 PM

COLOMBO (News 1st) - කොවිඩ් 19 මර්දන ක්‍රියාවලියෙන් ඉවත් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රශ්නය විසදා ගැනීම සඳහා පැවති සාකච්ඡා අදත් තීරණයකින් තොරව අවසන් විය.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහන මහතා,
කොවිඩ් 19 පාලනය පාලනය කිරීම සඳහා මේකට ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතු වෙනවා. නීතිගත කළ යුතු වෙනවා ඒ ගැසට් පත්‍රය පුද්ගලයෙක් දින කීයක් නිරෝධායනය කළ යුතු ද? ඒක නීතියක් වෙන්න ඕන නැතුව බලෙන් මිනිස්සු ගෙවල්වල තියන්න බෑ දැන් සෞඛ්‍ය ඇමතිතුමියගේ ගැසට් පත්‍රය හරියට එන්ජිමක් නැති බස් එකක් වගේ. කොවිඩ් මර්දනය කරන්නනේ මැතිවරණ කාලේ ගැසට් එක ගහන්නේ. එතකොට ගැසට් එක ක්‍රියාත්මක කරන්න නිලධාරියා නිලධාරියෙක් පත් කරේ නැතුවහම ගැසට් එක කොළයක් විතරයි. රටකජු ඔතන්න ගතහැකි කැසට් එක. ඔබ දැක්කා ගරු තොන්ඩමන් අමාත්‍යවරයගේ අවමගුලේ ඉඳලා මේ දක්වා කොහොමද දේශපාලඥයෝ හැසිරුණේ කියලා. ඒ වගේම රාජාංගනය වෙච්ච සිදුවීමටත් දේශපාලනඥයෝ හතර දෙනෙක් එය අවමඟුල් උත්සවයට සහභාගි වෙලා තිබුණා. ඒකෙන් එක දේශපාලඥයින් නිරෝධායනය වෙන්නේ. ඉතිරු තුන්දෙනා මේ වෙද්දි මැතිවරණ කටයුතුවල නිරත වෙනවා. මේ පනතට පරීක්ෂකවරු පත් කරන්නේ නැත්තේ ඔය බාධක නිසා තමයි. අනිත් කාරණය දේශපාලනඥයාට නිසි පරිදි මැතිවරණය කරගන්න ඕන නිසා.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා,
සෞඛ්‍ය අමාත්‍යතුමිය සමග අපි මේ ගැටලුව සාකච්ඡා තුනක් පැවැත්වූවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යතුමිය දුරකතනයෙන් මේ සම්බන්ධව අවස්ථා තුනකදී මා සමග සාකච්ඡා කරලා තියෙනවා. නමුත් මේ ගැටලුව එතුමියට විසදීමේ යම් අවශ්‍යතාවයක් තිබුනත් අපි දිගින් දිගටම දැනගෙන හිටියා මේ ගැටලුව විසඳීම සඳහා එතුමියට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බාධා කරමින් තියෙනවා කියලා. දැනට මේ වෙද්දි ලිපි නිකුත් කරලා තියෙනවා මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ගේ පොදු වෘත්තීය සංගමය. අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ සහ පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය නියෝජනය කරනවා. වෘත්තීය සමිති 15ක්. ඒ වගේම 15 ට අමතරව ලිපි නිකුත් කරලා තියනවා තව වෘත්තීය සමිති තුනක් මේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහයෝගය දක්වලා.
ප්‍රශ්නය,
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරු පී.එච්.අයි. මහත්තුරු දිගින් දිගට කිව්වා ඔවුන්ට මේ රෙගුලාසි පැන වූ වට මේක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නෛතික බලතල ලැබුණේ නෑ කියලා.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා,
ඒ සංගමය විසින් නියෝජනය කළ පරිදි ඒ ගැසට් පත්‍රයෙන් පළනොකරුනේ සෞඛ්‍ය මාර්ගෝපදේශ මැතිවරණ මාර්ගෝපදේශ නොවේ. සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් පත්‍රයෙන් පළ නොකිරීම තමයි වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙලා තිබෙන්නේ. ඒ නිසා මැතිවරණ ක්‍රියාවලිය කරගෙන යාමට මං හිතන්නේ නිලධාරීන් සහයෝගය දක්වනු ඇති. එය කිරීම සඳහා නීතිමය පසුබිමත් අඩුවක් නැතුව ලැබිලා තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඒ නිලධාරීන්ගේ රාජකාරියට ඉටු කරයි කියලා.
https://www.facebook.com/NewsfirstSL/videos/313854649749153/