කුරුණෑගල පුරාවස්තු වැනසූ පුද්ගලයින් තවමත් නිදැල්ලේ

අපේ මිනිහෙක් වුණත් වරදක් කරලා තියෙනවනම් නීතියෙන් පියවර ගන්නවා - අගමැති

by Staff writer 20-07-2020 | 8:56 PM

COLOMBO (News 1st) - කුරුණෑගල, බුවනෙකබාහු රාජ සභාව ලෙස සැලකෙන ස්ථානයේ පුරාවස්තු විනාශයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ, මොණරාගල, බඩල් කුඹුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය. පසුගිය අඟහරුවාදා කුරුණෑගල මහ නගර සභාව දෙවන බුවනකබාහු රජතුමාගේ රාජ සභාව රැස්වූ බව කියන ස්ථානයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ගොඩනැගිල්ල විනාශ කර තිබුණි. සිදුවීම වී පැය 24 ක් ඉක්මයන්නටත් මත්තෙන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ පිළිබදව පොලීසියට පැමිණිලි කළත් තවමත් කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 1998 අංක 28 දරණ පුරාවස්තු සංශෝධන පනතට අනුව පුරාවස්තු හානි කිරීමක් හෝ අවසරයකින් තොරව එවා වෙනස් කරන්නේ නම් වසර 02 සිට වසර 05 දක්වා සිර දඬුවමකට යටත් කළ හැකියි. එවැනි අවස්ථාවකදී අදාළ නඩු කටයුත්ත අවසන් වන තුරු එය ඇප නොලැබෙන වරදක්ය. https://www.facebook.com/NewsfirstSL/videos/2964247110339964/