COLOMBO (News 1st) - ජනතාව එක් අවස්ථාවක් ලබා දෙන්නේනම්, මේ රට සංවර්ධනය කරන බවට සහතික වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ ඊයේ පාදුක්කේදී පැවති ජන හමුවකදීය.
පැවති ආණ්ඩු රට පාලනය කළ ආකාරය පිළිබඳව ද ඔහු එහිදී අදහස් පල කළේය.
මේ අවුරුදු 72 ට ආණ්ඩු 15ක් හැදිලා තිබෙනවා, මේ ආණ්ඩු 15 ම හදන්න ජනතාව ඡන්දෙ දීල තියෙනවා. ඒ ආණ්ඩුවක් හැම වෙලේම ජයග්‍රහණය කරාම ජනතාව සතුටු වෙලා තියෙනවා. ආණ්ඩුවකට පැවරෙන ප්‍රධාන කර්යයන් 3ක් තියෙනවා, පුරවැසියාට වග කියන්න ඕනා, සමාජෙ ආරක්ෂාව තහවුරු කරන්න ඕනා, මව්බිම රකින්න ඕනා. මේ වසරේ වෙනකොට අපේ මුළු ණය ප්‍රමාණය ට්‍රිලියන 14යි, හැබැයි අපි මේ රට ගැන ඉගෙනගත්තේ කොහොමද? දෙවුන්දරතුඩුවේ සිට පේදරතුඩුව දක්වා රන් ගෙල බැඳි කන්‍යාවකට ආරක්ෂිතව ගමන් කරන්න තිබුණු ආරක්ෂිත දිවයිනක්, මාස 15 වේ දැරිවියටත් ආරක්ෂාවක් නැති වෙලා තියෙනවා. කුඩු කිලෝග්‍රෑම් 250 අහුවෙනවා, 350 අහුවෙනවා, කුඩු කිලෝග්‍රෑම් 250 ක් කියන්නේ ඔගොල්ලන් පිටි ගෝනි දැකල තියෙනවා නේ, පිටි ගොනි වගේ 5ක් , සාමාන්‍ය ගමේ බේකරියක පාන් පුච්චන්න ගන්නෙත් පිටි ගෝනි 2යි. අපට විශාල සම්පත් ප්‍රමාණයක් මේ රටේ තිබෙනවා. ලොකේ වැඩිම කාබන් ප්‍රතිශතය තියෙන මිනිරං සම්පත තියෙන්නේ අපිට 72%කාබං තියෙනවා. අවුරුදු සිය ගණනක් දැන් මොකද කරන්නේ, මිනිරං කුට්ටි කපලා පටවනවා, මේක අවශ්‍ය වන ප්‍රභේධවලට වෙන් කරන්නේ නෑ. අපිට විශාල පුල්මුඩේ ඛනිජ වැලි නිධියක් තියෙනවා, වසරක ආසන්න වශයෙන් ගත්තොත් මෙට්ට්‍රික් ටොන් මිලියන 20ක් ගොඩ බානවා. නිකන් වැල්ලට ගහනවා, ඉතින් ඕක නිසාරණය කරලා හරි අමුද්‍රව්‍ය බවට පත් කරොත් අපිට එතනින් ධනය හදන්න පුළුවන් තැනක්. 1956 ඛනිජ වැලි සංස්ථාව පටන් ගත්තේ, අපි දවසක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒගොල්ලන් ගෙන් ඇහුවා, අමු වැලි කිලෝ 1 ක් විකුණන්නේ කීයටද ඇහුවා ඩොලර් 2 යි කිව්වා. නිස්සාරණය කරලා හරිම ප්‍රභේධවලට ටයිටේනියම් වැනි හොඳම ප්‍රභේධවලට වෙන් කළොත් කිලෝ 1 ක් යවන්න පුළුවන් ඩොලර් 5000 ට. ඇත්ත කතාව අපේ පාලකයන්ට මේ වුවමනාව නැ.මේ හයිවේවලට ගිය වියදම ඔක්කෝම ගත්තොත් ඒකෙන් භාගයක් යොදවලා පුලුමුඩේ රසායනික කර්මාන්තශාලාවක් නිර්මාණය කරන්න පුළුවන්. ඒක හැදුවනම් ඒකේ ආදායමෙන් රටේ ඔක්කෝම හයිවේ හදන්න පුළුවන්.අපේ රටේ ධීවර බහුදින යාත්‍රා මාස එක හමාරක් ඉන්නවා මාලු අල්ලන්න. අවුරුද්දට 6 පාරක් මුහුදු ගියොත් මාස 9 ක් මුහුදේ. සමහර විට නෝනා කියනවා ඇති ඉතුරු මාස 3 ත් මුහුදෙම ඉන්න කියලා. ඉමක් කොනක් නොපෙනෙන මහ මුහුදේ මේ කොට නැල්ලක් හොය හොය යන්නේ.සාමාන්‍යයෙන් කොට කෑල්ලක් තිබ්බාම ඒකේ දිය සෙවෙල බැදෙනවා. ඒක කන්න කුඩා මාළු එනවා ඒ මාලු කන්න ලොකු මාලු එනවා.මේ අපේ අසල්වැසි ඉන්දියාවේ උදේ වරායට ගියාම ස්ක්‍රීන් එකේ වැටෙනවා කොයි දිසාවේද මාලු ඉන්නේ ඒ දිසාවට යාත්‍රා කරන්න කියනවා. ජපානේ වගේ ඒ කොට කෑලි කෘතීමව මහ මුහුදේ වගාකරනවා. ඒකද පවුල ඒකද සතුට ඒකට මුකුත් ඉඩක් නෑ.ඔහේ ඉපදෙනවා ඔහේ මොනවා හරි කරනවා ඔහේ මැරිලා යනවා. කෙසෙල් ගස්වල පරඬැල් වගේ.අපිට එක අවස්ථාවක් දෙනවානම් මේ රටේ ජනතාව සහතිකයි මේ රට හදනවා අපිට මේ රට හැදීමේ පිපාසයක් තියෙනවා.
https://www.facebook.com/NewsfirstSL/videos/947360395737959/