Face Mask නොදැමූ 2093 දෙනෙකුට අවවාද

Face Mask නොදැමූ 2093 දෙනෙකුට අවවාද

by Staff writer 19-07-2020 | 3:28 PM

COLOMBO (News 1st) : බස්නාහිර පළාතේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මුව ආවරණ (Face Mask) නොපැළඳීම සම්බන්ධයෙන් පුද්ගලයින් 2093 දෙනෙකුට අවවාද කර ඇතැයි පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, දුරස්තභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් 968 දෙනෙකුට අවවාද කර ඇති බවයි. ඊයේ උදෑසන 6.00 සිට අද උදෑසන 5.00 දක්වා බස්නාහිර පළාත තුළ පොලිස් ස්ථාන මගින් අපරාධ නිවාරණය සම්බන්ධව එම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණි.