අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් හා ඔවුන්ගේ සමීපතමයින් 35 ක් අත්අඩංගුවට

by Staff writer 19-07-2020 | 9:24 AM

COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් හා ඔවුන් සමග සමීප සබඳතා පැවැත් වූ පුද්ගලයින් 35 දෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශවලදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලීසිය පැවසුවේ, පසුගිය මැයි 31 වැනි දා සිට මේ දක්වා වූ කාලය තුළ අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බවයි. මේ වනවිට බස්නාහිර පළාත තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි 30 ක් පමණ ක්‍රියාත්මකව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ ය.