.webp)
"හැමදාම සම්ප්‍රදායානුකුලව කාර්තුවක් ඉවර වෙලා දවස් 75ක් ඇතුළේ ඒ කාර්තුවේ රටේ ආර්ථික වර්ධන වේගය ඉදිරිපත් කරනවා. දැන් ඒක මේ අවුරුද්දේ කරන්නේ නැහැ. ජූනි මුලදී මේ සියලු කාරණා ඉදිරිපත් කරන්න ඕනේ. අපිට ආරංචි වෙන විදියට පළවෙනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සෘණ මාර්තු මාසයේ භාගයයි ලොක් ඩවුන් එක තිබුණේ. එහෙමනේ මාස දෙකහමාරක් කිසිම ප්‍රශ්ණයක් තිබුණේ නැහැ. තිබිච්ච ප්‍රශ්නය තමයි ඔවුන්ගේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා ආර්ථිකය කඩා වැටුණා. අනවශ්‍ය ලෙස ධනවතුන්ගේ බදු කපා හැරීම නිසා ඒ බලාපොරොත්තු වෙච්ච වර්ධනය ලැබුණේ නැහැ . දැන් දැන් ජුලි මාසයේ මැදත් පහුවෙලා. ඇයි මේ මාසයක් තිස්සේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පළවෙනි කාර්තුවේ ආර්ථිකය සෘණ කියලා කියන්න බැරි කාටද බය කවුද බල කරන්නේ සෘණ ධන කරන්න කියලා හැබැයි අපි එකක් කියනවා. මෙවැනි දත්ත බොරු විදියට ඉදිරිපත් කළොත් එහෙම අපේ රටේ මෙච්චර කල් තියාගෙන තිබිච්ච කීර්තිනාමය කෙළෙසෙනවා. මහ බැංකුව ඉදිරිපත් කරලා තියෙන ගිය සතියේ ඉදිරිපත් කරලා තියෙන වාර්තාවේ ජනවාරි 1 වෙනිදාට තිබුණේ මේ රටේ සමස්ත ණය ප්‍රමාණය බිලියන 13,031යි නමුත් අප්‍රේල් මාසය වෙනකොට මෙය බිලියන 14,025 වෙනකොට වැඩිවෙලා තියෙනවා. ගිය ආණ්ඩුව කාළේ රුපියල් බිලියන 5600 කින් අවුරුදු 5ක් තිස්සේ ණය වැඩිවුණා නමුත් මේ ආණ්ඩුව මාස 4ක් තුළ බිලියන 1000 කින් අපේ රටේ ණය වැඩිවෙලා තිබෙනවා. ඒත් එක්ක තමයි අපි දකින්නේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ණයක් ඉල්ලුවහම ඒ ගොල්ලෝ ඇපයක් ඉල්ලලා තියෙනවා. ප්‍රථම වතාවට නිව්යොර්ක් ෆෙඩරල් රිසව් බැංකුවෙන් කියලා තියෙනවා . ලංකාවට අයිති අමෙරිකාවේ භාණ්ඩාගාර බිල්පත් ඒ කියන්නේ අපේ සංචිතවල තියෙන එව්වා ඇපයට තියන්න කියලා. නිව්යොර්ක් ෆෙඩ්රල් රිසව් බැංකුවේ එතකොට ඒ ගොල්ලෝ ඩොලර් බිලියනයක ණයක් දෙන්නම් කියලා මීට කලින් කිසිම දවසක මෙහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ" https://www.facebook.com/NewsfirstSL/videos/282813702994668/