ජනතාව වෙනුවෙන් ගිවිසුම්ගත වූ ගම්මන්පිල - විමල්

ජනතාව වෙනුවෙන් ගිවිසුම්ගත වූ ගම්මන්පිල - විමල්

by Staff writer 19-07-2020 | 9:45 PM

COLOMBO ( News 1st ) : ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය ඊයේ(18) ගිවිසුමකට එළැඹුණි.

පොරොන්දුව සහ තීන්දුව යන්න තේමා කරගනිමින් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් තැබුවේ ය. ජනතා ප්‍රතිඥාවක් ලෙස අත්සන් තැබුණු මෙම ගිවිසුමට ප්‍රධාන කරුණු 5 ක් ඇතුළත් ය. 1. වහාබ් අන්තවාදී ක්‍රියාවලට එරෙහිව සටන් කරන තමන් කිසිදු අවස්ථාවක වහාබ් අන්තවාදීන් මත යැපෙන රජයක පාර්ශවකරුවන් නොවන බව 2. මාතෘ භූමිය සහ ස්වෛරීත්වය රැක ගැනීම වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබා ක්‍රියා කළ රණවිරුවන් ගෝලීය බෙදුම්වාදීන්ගෙන් රැක ගැනීමට එදා මෙන් අදත් අද මෙන් හෙටත් ඇප කැප වී සිටින බව 3. අමෙරිකානු බල ව්‍යාප්තවාදය සහ බටහිර අධිරාජ්‍යවාදය මෙරටට පැමිණෙන්නේ කුමන මුහුණුවරකින් වුවද එය වැළැක්වීම උදෙසා සටනට නායකත්වය දෙන බව 4. උදාර මාතෘ භූමියක උපායමාර්ගික වශයෙන් වැදගත් ජාතික සම්පත් සුරකිමින් රාජ්‍යයේ දූ පුතුන් ඉදිරියට රැගෙන ආ නව නිපැයුම් සඳහා වෙළෙදපොළක් නිර්මාණය කරමින් ඔවුන් බල ගැන්වීම ඉදිරි රජයක කාර්යභාරයක් බවට පත් කීරීම හැකි සියල්ල ඉටු කරන බව 5. ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන රටක ප්‍රෞඩ වර්තමානයක් සහ අනාගතයක් බිහි කරනු වස් දේශීයත්වයට පණ දෙන අර්ථ ක්‍රමයක් මෙරට නැවත ස්ථාපනය කිරීමට නව රජයක් තුළ අපට ලබා දෙන වගකීම් භාවිත කරන බව එම ප්‍රතිඥාවන් වේ. ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා
"අපි දෙදෙනාම බැදෙනවා . මේ රටේ පොදු ජනතාවත් සමග මහමැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව මෙන්න මේ ගිවිසුම් ප්‍රකාරව කටයුතු කරනවා කියන සදාචාරාත්මක බැදීම අපි මේ මගින් පොදු ජනතාව සමග ඇති කරගන්නවා."
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා
"අපි විපක්ෂයේ ඉදන් මේ රටේ ජනතාවට යම් යම් ප්‍රතිඥාවන් ගණනාවක් ලබා දුන්නා. ඒ නිසා අද අපේ ආණ්ඩුවක් පත්වෙලා තියෙන නිසා අන් කාටත් වඩා විමල් වීරවංශ මැතිතුමාගෙනුත් මගෙනුත් එදා අපි ලබා දුන්න ප්‍රතිඥාවන් මේ ආණ්ඩුව ඉටු කරන බවට අපි වගා බලා ගනීවී කියන විශ්වාසය මේ රටේ ජනතාවට තියනවා. ඒ විශ්වාසය ලේඛනයක් බවට පත් කිරීම තමයි සිද්ධ වුණේ" https://www.facebook.com/NewsfirstSL/videos/321414552366392/