අද ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ වි⁣ශේෂ දිනයක්

ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු 25% ක් අවසන්

by Staff writer 19-07-2020 | 9:17 AM

COLOMBO (News 1st) - අද මෙවර මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයකි.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ, අද දිනයේ දිවයිනේ සියලුම තැපැල් කාර්යාල විවෘත කර මෙවර මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින බවයි. මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු 25% කින් පමණ අවසන් කර ඇති බව ඔහු සඳහන් කළේ ය.