ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 19-07-2020 | 6:36 AM

දේශීය පුවත්

1. තවත් සතියකට පාසල් වැසෙයි: A/L, ශිෂ්‍යත්ව විභාග දින ගැන තීරණය ලබන සඳුදා: පාසල් ළමුන් සඳහා ලබා දුන් අතුරු නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. 2. එජාප අපේක්ෂකයෙකුගේ රියැදුරෙකුට මැර ප්‍රහාරයක්: තංගල්ල, මැදකැටිය පාර ප්‍රදේශයේදී පෙරේදා (17) රාත්‍රී 7.30 පමණ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක දිනේෂ් කුමාර මහතාගේ නිවස ඉදිරිපිටදී ඔහුගේ රියැදුරුට පහර දී තිබේ. 3. කුරුණෑගල රාජ සභා ගොඩනැගිල්ල කඩා දැමීමට වගකිව යුත්තේ කවු ද?: රටේ උරුමයන් පිළිබඳව පම්පොරි ගසන බලධාරින් බලා සිටියදී කුරුණෑගල නගරය මැද තිබුණු ඓතිහාසික ගොඩනැගිල්ල දැන් ගඩොල් ගොඩක් බවට පත් කර අවසන් ය. 4. COVID රාජකාරීවලින් ඉවත් වු PHI වර්ජනය දැඩි වෙයි: ඊයේ කොළඹදී පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමෙන් පසු සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට මහජන‌ සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර තිබේ.

විදෙස් පුවත්

5. ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ 6 පනී: ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ පස්වරුව වනවිට ලක්ෂ 6 ඉක්මවා ගොස් තිබේ.