ගම්මිරිස් වගාව ප්‍රවර්ධනයට කඩිනමින් සැලසුම්

ගම්මිරිස් වගාව ප්‍රවර්ධනයට කඩිනමින් සැලසුම් සම්පාදනය කරනවා - ජනපති ගෝඨාභය රාජපක්ෂ

by Staff writer 19-07-2020 | 6:57 PM

COLOMBO (News 1st) : ගම්මිරිස් වගාව ප්‍රවර්ධනයට කඩිනමින් සැලසුම් සම්පාදනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමා සඳහන් කළේ, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක ප්‍රධාන ගැණුම්කරු ඉන්දියාව බවයි. ඒ අනුව ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදී ඇති සලාක ක්‍රමය වැඩි කර ගැනීම සැලසුමේ ප්‍රධාන අරමුණක් බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ය. ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළේ, රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ය. ප්‍රදේශයේ පැතිරී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම ගැන අවධානය යොමු කළ ජනාධිපතිවරයා පැවසුවේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි. එම වැඩපිළිවෙළ සඳහා ජනතාවගේ සහාය අවශ්‍ය බව පැවසූ ජනාධිපතිතුමා, ග්‍රාමීය මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පිරිස් ගැන තොරතුරු වහා දන්වන්නැයි ද ඉල්ලීමක් කළේ ය.