ගම්පහ රෝහලට නව දැඩි සත්කාර ඒකක 4 ක්

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ගම්පහ රෝහලට නව දැඩි සත්කාර ඒකක 4 ක්

by Staff writer 19-07-2020 | 1:55 PM

COLOMBO (News 1st) - කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ගම්පහ මහ රෝහලේ නව දැඩි සත්කාර ඒකක 4 ක් ස්ථාපිත කිරීම ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ, එම දැඩි සත්කාර ඒකක කඩිනමින් විවෘත කරන බවයි.