රාජ සභා මණ්ඩපය ගැන පුරාවිද්‍යා වාර්තාවක් කැඳවයි

කුරුණෑගල රාජ සභා මණ්ඩපය කඩා දැමීම ගැන පොලීසිය පුරාවිද්‍යා වාර්තාවක් කැඳවයි

by Staff writer 19-07-2020 | 8:53 AM

COLOMBO (News 1st) - කුරුණෑගල රාජධානිය කරගත් දෙවැනි බුවනෙකභාහු රජුගේ රාජ සභා මණ්ඩපය කඩා දැමීමේ සිද්ධියට අදාළ පුරවිද්‍යා වාර්තාවක් කැඳවා ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ, එම වාර්ව ලද වහාම ඊට අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි. මේ වනවිට රට තුළ දැඩි ආන්දෝලනයකට ලක් වූ සිදුවීමක් බවට මෙය පත්ව තිබේ. විද්වතුන්, දේශපාලන අධිකාරියේ පක්ෂ විපක්ෂ සියලුදෙනා මෙන්ම මහජනතාවත් ⁣මේ පිළිබඳ අදහස් දක්වමින් සිටී. මේ ඒ පිළිබඳ ඊයේ රාත්‍රී 7.00 නිව්ස්ෆස්ට් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ වාර්තාව... https://www.facebook.com/NewsfirstSL/videos/1204365946573399/