COLOMBO ( News 1st ) :
? කොමිටි එපා, 8 පාස් රස්තියාදුකාරයෝ අල්ලලා හිරේ දාන්න ඕන - දයාසිරි ජයසේකර
බුවනෙකබාහු රජතුමාගේ රාජසභා ගොඩනැල්ල අත්තනෝමතික ලෙස කඩා දැමීමේ සිදුවීමට අදාළව තවමත් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.
පුරාවිද්‍යා වටිනාකමක් ඇති එම ස්ථානය බිමට සමතලා කර අදට දින 05 ක් ගතවී අවසන් ය.
නීතය ක්‍රියාත්මක වීම මෙතරම් ප්‍රමාද වන්නේ ඇයි දැයි ජනතාව ප්‍රශ්න කරයි.
අද එම ස්ථානය නීරීක්ෂණය සඳහා විවිධ පාර්ශව පැමිණියේ ය.
මෙලෙස කඩා දමා ඇති මෙම ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති මේ රාජ සභාවේ ඉතිහාසය වසර සිය ගණනක ඈත අතීතයට දිව යන්නකි.
එහි ඇති වාස්තු විද්‍යාවේ වටිනාකම් අදටත් මේ කඩා දමා ඇති ගොඩනැගිල්ලේ ඉතිරිව ඇති අතර කුරුණෑගල යුගයේ ඇති සුවිශේෂ ලක්ෂණ රැසක් නිරුපනය වේ.
නමුත් තවමත් මේ අපරාධයේ වගකීම කිසිවෙකුත් භාර ගෙන නොමැත.
අද පෙරවරුවේ මෙම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සහ ජාතික නාමල් උයනේ භාරකාර වනවාසී රාහුල හිමියන් එම ස්ථානයට වැඩම කළහ.
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි
"1893 අවුරුද්දේ සටහනක් තබලා තියෙනවා ,ඉංග්‍රීසි ජාතික එෆ්.එච් මෝඩර් කියලා මේ රාජ සභාව පිළිබඳව. අපි අහන්න ඕන එක දෙයයි . සීගිරිය නරඹන්න ආපු දමිල තරුණියක් බිත්තිය කුරුටු ගෑවයි කියලා හැට්ට කට්ටකින් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම පිදුරංගල විහාරස්ථානයේ කොල්ලෝ කොලුකමට පස්සපැත්ත පෙන්නුවයි කියලා උන්ට නීතිය ක්‍රියාත්මක කළා. මේ රාජ සභාව බිමට සමතලා කරන්න උත්සාහ කරපු කවුරු හෝ අමනයටන්ට කෝ මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා . අපි අහන්නේ කෝ මේ රටේ නීතිය . පාලකයන්ට මේ රටේ නීතිය බලපාන්නේ නෑද්ද ? උන්ගේ ගෝලයන්ට මේ රටේ නීතිය බලපාන්නේ නැද්ද ? ඒ නිසා අපි කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කරුණාකරලා දැන් ඔහේගේ වැඩ පෙන්නන්න. මොන මංගල්ලයක්ද මේ අරහෙන් නැගෙනහිර පුරා වස්තු ටික සංහාරය කරනවා. බහුතර සිංහලයෝ ඉන්න කුරුණෑගලත් මෙහෙම වෙනවා නම් අපිට ඉතින් අබසරණම තමයි. ඒ නිසා අපි ඉල්ලන්නේ 2014 නාගරික සංවර්ධන අධිකාරියේ ගැසට් පත්‍රයක් මගින් ගැසට් කරලා තියෙනවා . 39 වන නියෝගය හැටියට උප ලේඛනය 01 39 වන වගන්තිය. සංරක්ෂිත ගොඩනැගිලි 10 ක් ඒ ගොඩනැගිලි 10 න් 06 වන එක බුවනක හෝටලය . පැරණි උප දිසාපති කාර්යාලය. එතකොට මේ නගරාධිපති මේවා කියවන්නේ නැද්ද ,ඇස් පොට්ට වෙලාද ,මේක විහිලුවකට නොගෙන මේ මුග්ද කටයුත්ත කරපු අයට නීතිය ක්‍රියාත්මක කරන්න . නගරාධිපති හෝ කවුරු හෝ මේක කළා නම් අවම තරමින් ඒ ධුරයෙන් අයින් වෙලා එහෙම එපායැයි රටක ශිෂ්ඨ සම්පන්න වෙන්න. මොකක්ද මුන් මේ රටට සපයන ආදර්ශය . දළදා මාලිගාව පෙරලුවත් ඔච්චර තමයි .වැඩක් නෑ මේ ගඩොල් ගොඩවල් තිබිලා ජේතවනය පෙරලුවත් ඔච්චර තමයි . ඒ නිසා මේ තක්කඩි රැලක්. කරුණාකරලා අපි හිතුවනේ. ගෝඨාභය වගේ මිනිහෙක් ආවම ඇත්ත වශයෙන් මේ ප්‍රශ්නේ විසදෙයි කියලා. දැන් අපිට ආරංචියි දැන් අගමැතිවරයාට කියනවාලු හාමුදුරුවරුන්ට කියලා දැන් මේක පොඩ්ඩක් නිවැරදි කරන්න කියලා. මේ කරපු අපරාදේ නිවැරදි කරන්න පුලුවන්ද. සමහර සංඝයා වහන්සේලා අපිට එහෙම කියනවා. ඒ නිසා මේ බොරු බයිලා, වැල් බයිලා, බොරු විහිලු රට්ටු හිනස්සන්නේ නැතුව වහාම නගරාධිපතිවරයා ඉල්ලා අස්වෙලා සාධාරණය ඉෂ්ඨ කරන්න ඕනෙ. අපේ උරුමයන් පිළිබඳව අදහසක් තියෙන මිනිස්සු වෙනුවෙන්. දැන් කෝ පුරාවිද්‍යා පනත ක්‍රියාත්මක වෙන්නෙ නැද්ද ? අවම තරමින් මේ රටේ පුරා විද්‍යා පනත මොනතරම් බලවත්ද කිව්වොත් පන්සලක වැසිකිලිවලක් හාරන්න දෙන්නේ නෑ. පුරාවිද්‍යා බිමක ඇවිල්ලා කුදලාගෙන යනවා. ඒ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අපි කියනවා . කරුණාකරලා පුරාවිද්‍යා පනතට අනුව වහාම නීතිය ක්‍රියාත්මක කරන්න . පුරා විද්‍යා පනත ක්‍රියාත්මක කරන්න . මෙනතරම් ලස්සන උරුමයක්ද මේ ඒ නිසා පරපුරක උරුමය වනසන මේ නරුමයින්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි ආණ්ඩුවට කියා හිටිනවා. මේ නරක පූර්වාදර්ශය දෙන්න එපා ඉස්සරහට . රාජපක්ෂගේ සාටකයට මුවා වෙලා මේ හොරුන්ට මේ තක්කඩියන්ට දුර දක්නා නුවණක් නැති මේ මුග්ධයින්ට මේ විදිහට උරුමයින් කොල්ල කන්න දුන්නොත් හොදට හිටී . මේක දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි .මේක යූ එන් පී ආණ්ඩු කළත් එකයි , පොහොට්ටු ආණ්ඩු කළත් එකයි , කවුරු කළත් වරද වරදමයි. මේක තිබුණු විදිහට නැවත ප්‍රතිසංස්කරණය කරන්න ඕන. ප්‍රතිසංස්කරණය කරලා පුරා විද්‍යාව ස්තූ ස්මාරකයක් හැටියට ගැසට් කරලා නම් කළ යුතුයි . මේ අපරාධය කරපු අයගේ වියදමින් මේක කරන්න ඕනේ . අද මේ රටේ මන්ත්‍රීකමක් කියන්නේ නගරාධිපතිකමක් කියන්නේ එක්කෝ නිදන් හාරන පර්මිට් එකක්. එක්කෝ වැලි කපන්න පර්මිට් එකක්. එක්කෝ පුරා වස්තු වනසන්න පර්මිට් එකක්. එක්කෝ ගල් කඩන්න පර්මිට් එකක්.එක්කෝ තැබෑරුමක් දාන්න පර්මිට් එකක්. එක්කෝ ගණිකා මඩම් ටික පවත්වාගෙන යන්න පර්මිට් එකක්. මෙහෙම පුලුවන්ද රටකට යන්න"
ජාතික නාමල් උයන භාරකාර හිමි පූජ්‍ය වනවාසී රාහුල හිමි
"මේ නගරාධිපතිවරයා කරපු මේ බලහත්කාරකාර කුපාඩි වැඩේ මම දකින්නේ දේශපාලන වශයෙන් බලපෑමක් ඇති වෙලා තියෙනවා. ඊළගට අගමැතිවරයා බුද්ධසාසන ඇමතිවරයා හැටියටත් , සංස්කෘතිය භාර ඇමතිවරයා හැටියටත් මේ වගේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන තැනක් විනාශ කරලා බලා සීටිම නම් මම හිතන්නේ ඉතාමත්ම කණගාටුදායකයි මේ 05 වෙනදා ඡන්දේ තියෙනවා . මේ ඡන්දේ වෙලාවෙදී ජනතාව පාඩමක් උගන්වයි. මේ දේශපාලකයෝ සියලුමදෙනාට මම ඉල්ලීමක් කරනවා. මේ කුරුණෑගල භික්ෂූන් වහන්සේලාගෙන් සියලුම දෙනාගෙන් සහ ජනතාවගෙන් දේශපාලන වහල් බවෙන් මිදිලා මේක තමන්ගේ ජාතියට ජාතික වස්තුවක් විනාශ කිරීමක් ලෙස දකින්නයි කියලා"
මේ අතර මෙම සිදුවීම පිටුපස සිටින දේශපාලන බලවේග පිළිබඳව සොයා බලා ඊට කඩිනම්න් මැදිහත් වී කටයුතු කරන ලෙස හා මෙම පුරාවිද්‍යා ස්ථානය නැවත ඉදිකර දෙන ලෙස ඉල්ලමින් හෙළ බොදු සවිය සංවිධානයේ සාභපති පූජ්‍ය බුදුගල ජිනවංස හිමියන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක්ද යොමු කර තිබේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක දයාසිරි ජයසේකර මහතා
"බුවනෙකබාහු රජු හදපු අර රාජකීය මණ්ඩපය කඩලා දැම්මේ ඩෝසර් කෙරුවේ ඉගන ගත්ත මිනිහෙක්ද? නටඹුන් ගැන කියවලා කියන මිනිහෙක්ද? අට පාස් රස්තියාදු කාරයෝ ඒ තැන්වලට ගියාම ඇතිවෙලා තියන තත්වය ඔය තියෙන්නේ. මේ ආරිය චක්‍රවර්තීවත් ඇවිල්ලා මේ වැඩේ කලේ නෑ. පෘතුගීසි විනාශ කළේ නෑ. ලන්දේසී විනාශ කළේ නෑ. ඉංග්‍රීසි විනාශ කළේ නෑ. ආරිය චක්‍රවර්තීවත් විනාශ කළේ නෑ. කුරුණෑගල නගාරාධිපති ආරිය චක්‍රවර්තීටත් එහා ගිහිල්ලා 2020 මිනිහා ඩෝසර් කරලා දැම්මා ඒක. හෙන ගහන අපරාදයක්නේ. පපුව පත්තු වෙනවා ඒක දැක්කාම. මේ උරුමය මේ විනාශ කරන්නේ. ඒ උරුමය ගැන හැකියාවක් නෑ. හැදියාවක් නෑ. ඒකට මුකුත් කරන්න ඕනා නෑ අල්ලලා හිරේ දාන්න ඕනා. කොමිටි දාන එක නෙවේ කරන්න තියෙන්නේ. කොමාටි දාලා මොනවා හොයන්නද? ගමේ දැන් මේ තමුන්නාන්සේලා අපේ මේ ළිදක් හැරුවොත් එහෙම මනුස්සෙක් ගිහිල්ලා මොටරයක් තියාගන 119 ගහපු ගමන් පොලිසියෙන් ඇවිල්ලා අරගන යනවා. අරන් ගිහිල්ලා දවස් 14 ට දානවා. රිපෝට් එක එනකම්. නගාරාධිපතිට නීතියක් නෑ. ඉතිං මේක නෙවෙයි අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව පත් කරලා කටයුතු කරන්නේ. මන් හිතනවා එතුමා නිවරදි තීන්දුව ගනී කියලා"
https://www.facebook.com/NewsfirstSL/videos/610598496260624/