කිරිබත්ගොඩ ඝාතනයකට සම්බන්ධ තිදෙනෙකු දැලේ

කිරිබත්ගොඩ ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 19-07-2020 | 11:59 AM

COLOMBO (News 1st) - කිරිබත්ගොඩ, නාහේනවත්ත, සිරිපුර ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඊට අදාළ සැකකරුවන් දෙදෙනෙකු කැලණිය ප්‍රදේශයේ සැඟවී සිටියදී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි. එම ඝාතනයේ ප්‍රධාන සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සඳහා යොදාගත් ත්‍රිරෝදය හා තියුණු ආයුධ 3 ක් ද පෑලියගොඩ ප්‍රදේශයේ සඟවා තිබියදී සොයා ගත් බව පොලීසිය පැවසීය. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 28, 29 හා 32 යන වයස්වල පසුවන වත්තල ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් තිදෙනෙකි. පසුගිය 16 වැනි දා කිරිබත්ගොඩ, නාහේනවත්ත, සිරිපුර ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී එලෙස ඝාතනය කර තිබුණි.