ගෙවුණු දිනයේ ආසාදිතයින් 7 ක් හඳුනා ගනී

කන්දකාඩු ආසාදිතයින් හඳුනාගැනීම සඳහා මේ දක්වා පී.සී.ආර් පරීක්ෂණ 6000 ක් - විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ

by Staff writer 19-07-2020 | 7:13 AM

?පිලිපීනයේ සිට පැමිණි (නිරෝධායනය වෙමින් සිටින) 1යි. ?හෝමාගම පදිංචි (නිරෝධායනය වෙමින් සිටින) කන්දකාඩු ආසාදියන්ගේ ආශ්‍රිතයන් 4යි. ?ලංකාපුර පදිංචි කන්දකාඩු ආශ්‍රිතයෙක් ? සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු ?කන්දකාඩු ආසාදිතයින් හඳුනාගැනීම සඳහා මේ දක්වා පී.සී.ආර් පරීක්ෂණ 6000 ක්

COLOMBO (News 1st) - මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2704 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, ඊයේ දිනයේ කොරෝනා අසාදිතයින් 7 දෙනෙකු වාර්තාවීමත් සමගයි. පිලිපීනයේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින අයෙකු, හෝමාගම පදිංචි කන්දකාඩු ආශ්‍රිතයන් 4 දෙනෙකු, ලංකාපුර පදිංචි කන්දකාඩු ආශ්‍රිතයෙකු හා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු ඊයේ හඳුනාගත් අසාදිතයින් අතරට අයත් වේ. වෛසරය ආසාදනය වූ රෝගීන් 670 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. ඊයේ දිනයේ අසාදිතයින් 11 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට තුළ පූර්ණ සුවය ලැබූ කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 2023 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කන්දකාඩු ආසාදිතයින් හඳුනාගැනීම සඳහා මේ දක්වා පී.සී.ආර් පරීක්ෂණ 6000 ක් පමණ සිදු කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ ය.