by Staff writer 19-07-2020 | 10:26 PM
COLOMBO ( News 1st ) : මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2715 ක් දක්වා ඉහළ ගියේ ය.
ඒ අද දිනයේ අසාදිතයින් 11 හමුවීමත් සමග ය.
ආසාදිතයින් 669 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
කන්දකාඩු ආසාදිතයන් හඳුනාගැනීම සඳහා මේ දක්වා PCR පරීක්ෂණ 6000 ක් පමණ සිදුකර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ ය.
එමෙන්ම කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ගම්පහ මහ රෝහලේ නව දැඩි සත්කාර ඒකක කිහිපයක් ස්ථාපිත කිරීම ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ, එම දැඩි සත්කාර ඒකක කඩිනමින් විවෘත කරන බවයි.
කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේදී කොරෝනා ආසාදිතව මේ වනවිට ප්‍රතිකාර ලබන හමුදා නිලධාරියෙකුගේ මහනුවර, තලවතුර ප්‍රදේශයේ පිහිටි නිවසක් සොරුන් විසින් කඩා බිඳ දමා තිබේ.
ඒ, එම පවුලේ පිරිස නිවසින් බැහැරව නිරෝධායනය වන පසුබිමකදී ය.
අප වාර්තාකරු පැවසුවේ නිවසේ විදුලි උපකරණ කිහිපයක් සොරාගොස් ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් දවුලගල පොලීසිය පරීක්ෂණ සිදු කරයි.
මේ අතර අද හික්කඩුව නගර මධ්‍යයේ නිහඩ විරෝධතාවක් පැවැත්වුණි.
ඒ නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ගැසට් පත්‍රය යටතේ බලය ලබා නොදීමට විරෝධය පල කරමින් ය.
PCR පරීක්ෂණ තවදුරටත් වැඩි කර ලෙස පිරිස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ය.
මෙය සංවිධානය කර තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන එකමුතුව විසිනි.