අගමැතිගේ සෙවනගල රැස්වීමක උණුසුම් තත්ත්වයක්

අගමැතිගේ සෙවනගල රැස්වීමක උණුසුම් තත්ත්වයක්

by Staff writer 19-07-2020 | 8:13 PM

COLOMBO (News 1st) : මොණරාගල යනු, ඌව පළාතේ එක් දිස්ත්‍රික්කයකි.

විරැකියාව, සියදිවි නසාගැනීම් ඇතුළු සමාජ ප්‍රශ්න රැසකින් පීඩා විඳින දිස්ත්‍රික්කයකි. නමුත් දේශපාලන වශයෙන් ක්‍රියාකාරී දිස්ත්‍රික්කයකි. නමුත් කණගාටුවට කාරණය නිදහසින් පස්සේ ගෙවුණු හැම පාර්ලිමේන්තුවකටම මේ දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ගේ ඡන්දයෙන් නියෝජිතයෝ පාර්ලිමේන්තුවට ගියත් ප්‍රශ්න තව තවත් උඩු දිවීමකි. ඒත් මනාප පොරය, බල අරගල අඩුවක් නොමැත. දැන් මහමැතිවරණ සමය එළැඹීමත් සමග දිස්ත්‍රික්කයේ මැතිවරණ උණුසුම වැඩිවෙලා. අද සෙවනගල, ඩන්ඩුම පොළ භූමියේ දී ජන හමුවක් පැවැත්විය. එහිදී ඇති වුණේ උණුසුම් තත්ත්වයකි. මෙම ජන හමුව සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැල්ලවාය ආසන සංවිධායක විමල් ගලගමආරච්චි යන මහත්වරුන් විසිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෝද ඊට එක්ව සිටියහ. එහිදී ජගත් පුෂ්පකුමාර මහතා සභාව අමතමින් සිටිනා අවස්ථාවේදී බුත්තල, උණාවටුන රජමහා විහාරයේ විහාරාධිපති මහසෙන්ගම නන්දසාර හිමි මෙලෙස ප්‍රතිචාර දැක්වුවේ ය. බුත්තල, උණාවටුන රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය මහසෙන්ගම නන්දසාර හිමි
"අප්පච්චිත් එක්ක අපි එදත් හිටියා. අදත් ඉන්නවා. මේ වේදිකාවේ දෙන්නේ නෑ. මේ කට්ටිය සෙල්ලම් දානකොට එක්ක. අපි මොනවාද කළේ? අපි මෙයාලා වෙනුවෙන් අපි නින්දා වින්දා. හැබැයි ආයේ මේ අයට මෙතෙන රගන්න දුන්නොත් මේ වෙල්ලස්සේ මිනිස්සු නෙවෙයි කියන එකත් අපි කියන්නට ඕනේ. ඒ නිසා අපේ අප්පච්චි එනකම් ආයේ දෙන්නේ නෑ"
උන්වහන්සේ ජනතාව අමතමින් සිටිනා අවස්ථාවේදී සංවිධායකයින් විසින් මයික්‍රෆෝනය ක්‍රියාවිරහිත කර ඇති අතර අනතුරුව ආරක්ෂක අංශ පැමිණ උන්වහන්සේට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දුන්නේ ය. පසුව නැවතත් ජගත් පුෂ්පකුමාර මහතා පැමිණ සිටි පිරිස ඇමතීම ආරම්භ කළ අතර එම අවස්ථාවේදී ද උන්වහන්සේ පැමිණ නැවත වරක් බාධා කළ හ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ජගත් පුෂ්පකුමාර මහතා "තමන්ගේ වැඩක් බලාගන්න ඇයි මොනවා කරන්නද ?"
ඉන් ටික වේලාවකට පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයට පැමිණියේ ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැල්ලවාය ආසන සංවිධායක විමල් ගලගමආරච්චි මහතා
"එදා ඔබතුමන්ගේ දෙපැත්තේ හිටියේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහ මැතිතුමා, මහාරච්චි, විජිත බේරුවලලා තමයි ඔබතුමන් රකින්න එදා මේ වේදිකාවේ ගොඩවුණේ කියන එක මේ වෙලාවේ මං ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. ඔබතුමා එදා මේ වේදිකාවට එනකොට අපි ඒ කාර්යභාරය නොනවත්වා ඔබතුමා වෙනුවෙන් ඒ යුතුකම වගකීම ඉෂ්ඨ කරලා අද"
විමල් ගලගමආරච්චි මහතා ජනතාව අමතන අවස්ථාවේදී ද නොසන්සුන් තත්ත්වයක් ඇති විය. මේ අතර එහිදී පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් විසින් විමල් ගලගමආරච්චි මහතාගේ පුත්‍රයාටද පහර දී තිබුණි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
"අද අපි ඔක්කෝම එක්කහු වෙලා තියෙන්නේ අද නැවත එක්කහු වෙලා අපි අලුත් පෙරමුණක ඉන්නේ. මනාප යුද්ධවලට යුද්ධ කරන්න එපා සටන් කරන්න ඕනේ නෑ. තමන්ගේ හදවතේ නම්බරේ මතක තියාගත්තාම හරි තමන් ඡන්දේ දිය යුතුයි . ඒ මතක තියාගෙන අපේ අය අතර ගැටුම් ඇති වන විදියට කටයුතු කරන්න එපා. අර පිටිපස්සේ ඉන්න අය මට පේන්නෙත් නෑ. ඒ නිසා පහත දාගන්න දැන් පහත දාගන්න. දැන් මම දැක්කානේ ඕක. නැත්තම් ඕක වැඩිය පෙනුනමත් එපා වෙනවා. ඒ නිසා පාඩු වෙන්නේ වැඩියෙන් උස්සන් ඉන්න අයට. පාර්ලිමේන්තු මැතිවරණය ඇවිල්ලා තියෙන්නේ පළාත් සභා දැන් නැහැ. අවුරුදු ගානක් දැන් ප්‍රමාද වෙලා. අපි කිව්වා බලයට ඇවිල්ලා පරණ ක්‍රමයට හරි පළාත් සභා මැතිවරණය පවත්වනවා කියන එක අපි මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ"
https://www.facebook.com/NewsfirstSL/videos/322319408795153/