by Staff writer 19-07-2020 | 11:13 AM
COLOMBO (News 1st) - ගිරිඋල්ල ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලීසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
පොලීසිය පැවසුවේ, අද අලුයම පන්නල සිට ගිරිඋල්ල දෙසට නොනවත්වා ධාවනය වූ මෝටර් රථයකට යකාබැදි ප්‍රදේශයේදී පොලීසිය එලෙස වෙඩි තබා ඇති බවයි.
සිද්ධියෙන් කිසිදු පුද්ගලයෙකු තුවාල ලබා නොමැත.
එම අවස්ථාවේ මෝටර් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
බන්ධනාගාර නිලධාරින් යැයි පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ කැම්බල් පාක්හි වාහන කුලියට දෙන මධ්‍යස්ථානයකින් රියැදුරු සමග මෝටර් රථයක් කුලී පදනමට ලබාගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, අදාළ පුද්ගලයින් රියැදුරු සමග මෝටර් රථය කුලියාපිටිය, කොහිලවල ප්‍රදේශයේ ගල්වලකට රැගෙන ගොස් රියැදුරු බැඳ දමා මෝටර් රථය පැහැර ගෙන ගොස් ඇති බවයි.
ඒ පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලීසිය මාර්ග බාධක යොදා අද අලුයම වාහන පරීක්ෂාවට ලක් කර තිබේ.
එහිදී පන්නල සිට ගිරිඋල්ල දෙසට ධාවනය වූ අදාළ මෝටර් රථය පොලිස් අණ නොතකා ධාවනය කිරිමේදී වෙඩි තැබූ බව පොලීසිය පැවසීය.