COVID මර්දනයෙන් ඉවත් වු PHI වර්ජනය දැඩි වෙයි

COVID රාජකාරීවලින් ඉවත් වු PHI වර්ජනය දැඩි වෙයි

by Staff writer 18-07-2020 | 7:31 PM
COLOMBO (News 1st) : අද කොළඹදී පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමෙන් පසු සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට මහජන‌ සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යවරිය කළ බව කියන ප්‍රකාශයකට විරෝධය පළ කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඊයේ දහවල් සිට කෝවිඩ් මර්දන කටයුතුවලින් ඉවත්වීමට තීරණය කළේ ය. මේ අතර සිය වෘත්තිය ක්‍රියා මාර්ගය දැඩි කරමින් අද සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සියලු බෝවන රෝග නිවාරණ කටයුතුවලින් ද ඉවත් වී තිබේ. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා පැවසුවේ, උද්ගගත ඇති තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇතුළු සෞඛ්‍ය බලධාරීන් වකීම භාර ගත යුතු බවයි. ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ, මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරායාග් අවධානය යොමු වනු ඇතැයි, බලපෛාරොත්තු වන බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/965765657227154/