by Staff writer 18-07-2020 | 6:29 PM
COLOMBO (News 1st) : ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව අද පස්වරුව වන විට ලක්ෂ 6 ඉක්මවා ගොස් තිබේ.
ලොව පුරා ආසාදිතයින් ගණන 14,230,750 ක් වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 8,501,006කි.
තවදුරටත් ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ අමෙරිකාවෙනි.
ඒ අනුව එරටින් ආසාදිතයින් 3,771,101 ක් සහ මරණ 142,080ක් වාර්තා වේ.
මේ අතර මුව ආවරණ පළඳින්නැයි ජනතාවට නියෝග නොකරන බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් යළි අවධාරණය කර තිබේ.
ඔහු සඳහන් කළේ, ජනතාවට යම් නිදහසක් දීමට තමාට අවශ්‍ය බවයි.
ඉන්දියාවෙන් මේ වන විට ආසාදිතයින් දස ලක්ෂ 44 963 ක් සහ මරණ 26 347 ක් වාර්තා වනවා.
බ්‍රසීලය කොරෝනා ආසාදිතයින් ලැයිස්තුවේ දෙවන ස්ථානයේ පසුවන් නේ ආසාදිතයින් 2,049,140ක් වාර්තා වන සුබිමකදී ය.
එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 77,964කි.
ආසදිතයින් 1,046,622ක් සහ මරණ 26,351ක් වාර්තා වන අසල්වැසි ඉන්දියාව තුන්වන ස්ථානයේ පසු වේ.
මේ අතර රෝහල්ගත කෙරුණු ලෝක ප්‍රකට ඉන්දීය නිළි අයිශ්වර්යා රායි බච්චන් සහ දියණිය අරාධ්‍යා බච්චන්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ නොවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.
අමිතාබ් බච්චන් ඇතුළු බච්චන් පවුලේ සාමාජිකයින් සිව්දෙනෙකු මේ වන විට ප්‍රතිකාර ලබන්නේ මුම්බායි නුවර නානාවතී රෝහලේ ය. .