NEWS ALERT : තවත් සතියකට පාසල් වැසෙයි

NEWS ALERT : තවත් සතියකට පාසල් වැසෙයි: A/L, ශිෂ්‍යත්ව විභාග දින ගැන තීරණය ලබන සඳුදා

by Sagarika Chathumali 18-07-2020 | 2:57 PM

COLOMBO (News 1st) :

?

  පාසල් අතුරු නිවාඩුව සතියකින් දිගු වෙයි

?

 රාජාංගනය හා වැලිකන්දේ කිසිදු පාසලක් අගෝස්තු 10ට පෙර විවෘත නොවේ

?

  උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කිරීම සඳුදා(20)

 පාසල් ළමුන් සඳහා ලබා දුන් අතරු නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව ලබන 27 වැනිදා දක්වා තවත් සතියක් පාසල් වසා තැබෙනු ඇති. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යශංය නිවේදනය කර සිටින්නේ, 11, 12 සහ 13 ශ්‍රේණි සඳහා පමණක් ලබන 27 වනදා පාසල් විවෘත කෙරෙනු ඇති බවයි. සෙසු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අගෝස්තු 10 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ. තව ද රාජාංගනය හා වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාසවල කිසිදු පාසලක් අගෝස්තු 10 වැනිදා තෙක් විවෘත නොකෙරෙනු ඇති. මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින අනිද්දා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. දැනට දරුවන් තිදෙනෙකු ආසාදිතව සිටින අතර දිස්ත්‍රික්ක 5ක සිසුන් සහ ගුරුවරුන් 200කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායනය වෙමින් පවතින බැවින් ඔවුන්ගේ PCR වාර්තා ඉතිරි දින කිහිපයේ නිකුත් වීමට නියමිත බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් කිසිදු බාධාවකින් හෝ අනතුරකින් තොරව පාසල් පවත්වා ගෙන යාමේ අරමුණ පෙරදැරිව මෙලෙස අතුරු නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කර ඇත. වත්මන් තත්ත්වය යටතේ මෙරට තුළ COVID 19 සමාජ සම්ප්‍රේෂණයකට ඉඩක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අචල ස්ථාවරය වන බව ද අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේනයේ සඳහන් කර තිබේ.