මැතිවරණ නීති කැඩූ 208 ක් අත්අඩංගුවට

මැතිවරණ නීති කැඩූ 208 ක් අත්අඩංගුවට

by Staff writer 18-07-2020 | 4:40 PM
COLOMBO (News 1st) : මැතිවරණ නීති කඩකිරීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 208 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලීසිය පවසයි. ඔහු පැවසුවේ, මැතිවරණ නීති කඩ කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 190 ලැබී ඇති බවයි. ඊට අදාළව පොලිස් භාරයට ගෙන ඇති සමස්ත රථවාහන සංඛ්‍යාව 60 කි. ගත වූ පැය 24 තුළ මැතිවරණ නීති කඩ කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 10 ක් ලැබී ඇතැයි ද පොලීසිය සඳහන් කළේ ය. මේ අතර ගතවූ කාලය තුළ මැතිවරණ නීති උල්ළංඝනය කිරීම් පැමිණිලි 3684 ක් ලැබී ඇතැයි, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.