ප්‍රදේශ රැසකට ගිඟුරුම් සහිත වැසි

ප්‍රදේශ රැසකට ගිඟුරුම් සහිත වැසි ඇතිවන බවට අනාවැකි

by Staff writer 18-07-2020 | 6:47 PM
COLOMBO (News 1st) : දිවයිනේ ප්‍රදේශ රැසකට ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු අනතුරු ඇති විමේ අවදානමක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රබල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම, ඌව, සබරගමුව පළාත්වලට සහ කුරුණෑගල, වවුනියාව, හා මුලතිව් යන දිස්ත්‍රාක්කවලට එලෙස ප්‍රභල අකුණු අනතුරු ඇතිවීමේ අවදානමක් පවතින බවයි. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක් තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවිය හැකි අනතුර අවම කර ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.