ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 18-07-2020 | 6:45 AM
දේශීය පුවත් 1.මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කෙරේ: මහ මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. 2.බලපත්‍ර නැතිව වැලි, පස් ප්‍රවාහනය කරන්නන් අත්අඩංගුවට ගන්නැයි, අධිකරණයෙන් නියෝග : බලපත්‍රයක් නොමැතිව වැලි හා පස් ප්‍රවාහනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස අභියාචනාධිකරණය ඊයේ වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළේ ය. 3. අඟුලාන පොලීසියට ගල් ගැසූ සැකකාරියන් අතුළු 14ට ඇප : අඟුලාන පොලිස් ස්ථානයට ගල්මුල්වලින් පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු කාන්තාවන් 9 දෙනෙකු ඇතුළු 14 දෙනා ඇප මත මුදා හැර තිබේ. 4. ජනපතිගෙන් දේශීය ඉංජිනේරුවන්ට ඇරයුමක් : නාගරික සහ ග්‍රාමීය ජනතා අවශ්‍යතා ඉටුවන අයුරින් ක්ෂේත්‍රයේ පෙරළියකට එක්වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය ඉංජිනේරුවරුන්ට ආරාධනා කළේ ය. 5. O/L ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම දීර්ඝ කෙරේ : 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත්‍ර කැඳවීමේ දිනය දීර්ඝ කර තිබේ. 6. කුරුණෑගල ගොඩනැගිල්ල කඩා බිඳ දැමීම ගැන විමර්ශනයට අගමැති කමිටුවක් පත් කරයි : ඵෙතිහාසික වටිනාකමින් යුත් කුරුණෑගල නගරයේ ගොඩනැගිල්ලක් කඩා දැමීම සම්බන්ධයෙන් විමර්ශනයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් විද්වත් පරීක්ෂණ කමිටුවක් පත්කර තිබේ.