රාජ සභා ගොඩනැගිල්ල කඩා දැමීමට වගකිව යුත්තේ කවුද?

කුරුණෑගල රාජ සභා ගොඩනැගිල්ල කඩා දැමීමට වගකිව යුත්තේ කවුද?

by Staff writer 18-07-2020 | 7:50 PM
COLOMBO (News 1st) : රටේ උරුමයන් පිළිබඳව පම්පොරි ගසන බලධාරින් බලා සිටියදී කුරුණෑගල නගරය මැද තිබුණු ඓතිහාසික ගොඩ නැගිල්ල දැන් ගඩොල් ගොඩක් බවට පත් කර අවසන් ය. මේ සිද්ධියට වගකිවයුතු පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අද විරෝධතා කිහිපයක් සංවිධානය කර තිබිණ. මේ අතර මෙම වටිනා පුරා විද්‍යා ගොඩනැගිල්ල කඩා දැමීමට සම්බන්ධ සියලු නිලධාරීන් වහාම නීතිය ඉදිරියට පමුණුවන ලෙස ඉල්ලා, සිවිල් සංවිධාන නියෝජතියින් ,ප්‍රදේශයේජනතාව හා දේශපාලන නියෝජිතයින් අද කුරුණෑගල නගර මධ්‍යයේ විරෝධාතාවකද නිරත විය. පසුව විරෝධතාකරුවන් පාගමනින් කුරුණෑගල පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණි අතර ඔවුන්ගෙන් කිහිපදෙනෙකුට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හමුවීමට අවස්ථාව හිමි විය. ඔහු පවසා තිබුණේ, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක බවයි. ඉන් අනතරුව අද පස්වරුවේ ජනාතා විමුක්ති පෙරමුණට අනුබද්ධ ජාතික භීක්ෂු පෙරමුණේ ස්වාමින් වහන්සේලා ද විරෝධතාවයක නිරත විය. ඒ වහාම වගකිවයුත්තන් නීතිය ඉදිරියට පමුණුවන ලෙස ඉල්ලමිනි. අද පස්වරුවේ අදාළ සිදුවිම ගැන සොයාබැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා පත්කළ කමිටුව අද පස්වරුවේ අදාළ ස්ථානය නීර්ක්ෂණය කළේ ය. 1998 අංක 28 දරණ පුරා වස්තු සංශෝධන පනතට අනුව පුරාවස්තු හානි කිරීමක් හෝ අවසරයකින් තොරව එවා වෙනස් කරන්නේ නම් වසර 02 සිට වසර 05 දක්වා සිර දඬුවමකට යටත් කළ හැකියි . එවැනි අවස්ථාවකදී අදාළ නඩු කටයුත්ත අවසන් වන තුරු එය ඇප නොලැබෙන වරදකි. https://www.facebook.com/NewsfirstSL/videos/1204365946573399/