ඓතිහාසික ගොඩනැගිල්ලට කළ විනාශයට එරෙහිව විරෝධතාවක්

කුරුණෑගල ඓතිහාසික ගොඩනැගිල්ලට සිදු කළ මහා විනාශයට එරෙහිව විරෝධතාවක්

by Staff writer 18-07-2020 | 2:05 PM

COLOMBO (News 1st) : කුරුණෑගල ඓතිහාසික රාජ සභා මණ්ඩපය කඩා බිඳ දැමීමට විරෝධය පල කරමින් පිරිසක් එම ස්ථානයේ විරෝධතාවක නිරත වූ බව අප වාර්තාකරු සඳහන් කළේය.

අදත් එම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා දේශපාලනඥයින් ඇතුළු පිරිසක් එක් වී සිටිය හ. මේ අතර කුරුණෑගල නගරයේ ඵෙතිහාසික ගොඩනැගිල්ලක් කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයාගේ නියමයෙන් පත් කෙරුණු කමිටුව අද ස්ථානීය පරීක්ෂාවක් සිදු කිරීමට නියමිතය. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවට සාමාජිකයින් පස් දෙනෙකු ඇතුළත් ය. කලක් හෝටලයක්ද පවත්වාගෙන ගොස් තිබූ අදාළ ගොඩනැගිල්ල කුරුණෑගල නගර සභාව විසින් කඩා බිඳ දමා තිබුණේ පසුගිය අඟහරුවාදා ය. https://www.facebook.com/NewsfirstSL/videos/3389201671114135/