එජාප අපේක්ෂකයෙකුගේ රියැදුරෙකුට මැර ප්‍රහාරයක්

එජාප අපේක්ෂකයෙකුගේ රියැදුරෙකුට මැර ප්‍රහාරයක්

by Staff writer 18-07-2020 | 8:53 PM
COLOMBO (News 1st) : තංගල්ල, මැදකැටිය පාර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි 7.30 පමණ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක දිනේෂ් කුමාර මහතාගේ නිවස ඉදිරිපිටදී ඔහුගේ රියදුරුට පහර දී තිබේ. සිද්ධියෙන් තුවාල ලැබු ආධාරකරු මේ වනවිට තංගල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. පහරදීමට ලක් වූ දිනේෂ් කුමාර සිදුවීම මෙලෙස විස්තර කළේ ය.
''මගේ මැතිවරණයට අදාළ ලියකියවිලි කිහිපයක් ඡායාපිටපත් කරගෙන ඒන අතර තුර මග ඉදලා ඔය පහරදිපු පුද්ගලයින් දෙදෙනා වාහනය දැකලා වාහනය ඉදිරියට පැනලා තියෙනවා. ඊ්‍ට පස්සේ ප්‍රමාණවත් දුරක් තියාගෙන රියදුරු නතර කරගෙන ඉන්න අවස්ථාවේදී ඔවුන් පියමන් කරලා යන්න හදනකොට වාහනයට දැඩි ප්‍රහාරයක් ඒල්ල කරලා තියෙනවා ඔය පුද්ගලයා අතින්. ඊට පස්සේ ඔවුන් ඇවිල්ලා නැවතුවාත් සමග විශාල කලබෑගැනීයක් පාර දෙසින් ඇහුනා. ඊට පස්සේ  මම ප්‍රධාන දොරකොඩ ගාවට ඇවිල්ලා බලනොකට පේනවා ඔය චනුත් වෙදආරච්චි කියන පුද්ගලයා මගේ රියදුරුට හොදටෝම අල්ලන් පහර දෙනවා. ඊට පස්සේ ජනිත් ඒරංග කියන පුද්ගයාත් ඇවිල්ලා දෙන්නාම අර අහිංසක කොල්ලාට හොදටෝම ගහනවා ගහන ගමන්ම මට පරුෂ වචනයෙන් බැන වදිමින් පාරට පැමිණෙන ලෙස අභියෝග කරමින් බනිනවා නමුත් මගේ ගෙදර මගේ අම්මා බිරිද මට ඒලියට බහින්න දුන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මොවුන් ඉලක්ක කලේ මාවමාව මම වාහනයේ ඇති කියලා විශ්වාස කරලා තමයි මගදි නවත්වාගෙන ආරවුල් කරලා මගේ ජීවිතයට කරදරයක් කරන්න තමයි පැහැදිලි ලෙස මේක සැලසුම් කලේ මේකට පැහිදිලි ලෙස චෝදනා කරනවා.දිලිප් වෙදආරච්චි මහත්තයාට''
එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ අපේක්ෂක දිල්ප් වෙදආරච්චි මෙලෙස ප්‍රතිචාර දැක්වී ය.
''දිනේෂ් කුමාර මහත්තයාගේ වාහනයේ රියදුරා මැදකැටිය පාරේ ඒනකොට තරුණයෝ දෙදෙනෙකුගේ ඇගට කපලා තියෙනවා. ඒ දෙන්නාගේ කකුල් දෙක උඩින් ගිහිල්ලා තියෙනවා නියපොතු දෙක කැඩිලා ඉස්පිරිතාලේ නතර වෙලා තියෙනවා.ඒ්කැඩුනාට පස්සේ ඒ් ගොල්ලෝ හඹා ගිහිල්ලා වාහනයේ ඩ්‍රයිවරට්ට ගහලා තියනවා වාහනය නතර කරලා තියෙන්නේ ලේකම් මහත්තයාගේ ගේ ගාව ඒතකොට ඩ්‍රයිවර්ට ගහලා තියෙනවා. කට්ටිය බේරලා තියෙනවා ලේකම් මහත්තයාට ගහලා නැහැ. ලේකම් මහත්යාට දිනේස් මහත්තයාට ගහලා නැහැ. මේක බොරු චෝදනාවක්. මම අම්බලන්තොට රැස්වීම්වලට හිටියා ඊයේ දවසේ මම ඒ්වා දන්නේ නැහැ රාත්‍රි තමයි දැනගත්තේ''
මේ අතර යාපනය ලුනාවිල් ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුනේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් සිව්දෙනෙක් තුවාල ලැබූහ. තුවාලකරුවන් මේ වනවිට චාවකච්චේරි රෝහලේ ප්‍රතිකාර ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.