by Staff writer 18-07-2020 | 8:08 AM
COLOMBO (News 1st) : කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනා ගැණුනු කොරෝනා පොකුර හැරුණුකොට දිවයිනේ වෙනත් කිසිදු ප්‍රදේශයකින් ආසාදිතයින් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව සඳහන් කළේ, නිව්ස්ෆස්ට් හා එක්වෙමිනි.
කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු ඊයේ හදුනා ගැනුණි.
එම පුද්ගලයින් වන්නේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් තිදෙනෙකු සහ සේනපුර මධ්‍යස්ථානයේ රැඳවියන් තිදෙනෙකි.
මේ සමග කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2697 ක් දක්වා ඉහළ ගියේ ය.
වෛසරය ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලබන කොරොනා රෝගීන් සංඛ්‍යාව 674 කි.
මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 2012 කි.