මීගමුවේ සිඟිත්තිය මියයාම: සැකකරු හා මව රිමාන්ඩ්

මීගමුවේ සිඟිත්තිය මියයාම: සැකකරු හා මව රිමාන්ඩ්

by Staff writer 17-07-2020 | 10:35 PM
COLOMBO (News 1st) : ඊයේ මීගමුව ප්‍රදේශයේ වයස අවුරුදු එක හමාරක දැරියකගේ හදිසි මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළේ ය. අධිකරණය නියෝග කළේ, සැකකරු හා දැරියගේ මව ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. ඒ දැරිය බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ වරදට හා ඊට අනුබල දීම යන චෝදනා යටතේයි. https://www.facebook.com/NewsfirstSL/videos/649983929200492/