පුත්තලමේ 10 හැවිරිදි දැරියක මිය යාම ගැන විමර්ශන

පුත්තලමේ 10 හැවිරිදි දැරියක මිය යාම ගැන විමර්ශන

by Staff writer 17-07-2020 | 10:31 PM
COLOMBO (News 1st) : පුත්තලම ප්‍රදේශයේදී වයස අවුරුදු 10ක දැරියක මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. පුත්තලම කුරුණෑගල ආසිරි ගමේ 10 හැවිරිදි දැරිය ඊයේ උදෑසන රෝහල්ගත කර ඇත්තේ,  සර්පයකු දෂ්ට කළ බව පවසමිනි. රෝහල්ගත කිරීමෙන් පසු ඊයේ සවස දැරිය මිය ගොස් තිබේ. දැරියගේ සිරුරේ ඇති තුවාල කිහිපයක් ගැන සැක සිතූ රෝහල් කාර්ය මණ්ඩලය මේ බව පුත්තලම පොලීසියට දැනුම් දී ඇත. වහා ක්‍රියාත්මක වූ පොලීසිය දැරියගේ නිවසේ ස්ථාන කිහිපයක සඟවා තිබූ ලේ තැවරුණු ඇඳුම් සොයාගෙන තිබේ. අද පෙරවරුවේ, පුත්තලම මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂාවක් ද සිදු කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු පිළිබඳව සැකකරන අතර ඔහු ප්‍රදේශයෙන් පළා ගෙස් ඇති බව පොලීසිය පවසයි. ඔහු ද පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. https://www.facebook.com/NewsfirstSL/videos/346924286301375/