COLOMBO (News 1st) : පරිසරයට හානි වන ප්‍රතිපත්තිමය තීන්දු කිහිපයක් රජය ක්‍රියාත්මක කරමින් ඇතැයි, පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ පවසති.
අපේ ජනබල පක්ෂයේ අපේක්ෂක පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි පවසන්නේ, මෝඩ දේශපාලඥයන්ගේ අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති නිසා රටේ වනාන්තර පද්ධති ටික විනාශ කරමින් පවතින බවයි.
''අපි වේගයෙන් මේ රටේ වනාන්තර පද්ධති ටික විනාශ කරමින් යනවා. එකක් තමයි මෝඩ දේශපාලඥයන්ගේ අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති. පෙරේදා වගේ දවසක කැබිනට් පේපර් එකක් දානවා දැක්කා. අක්කර දෙසීයක් හම්බන්තොට වනාන්තරයක් කපලා ඉවත් කරන්න. කැලේ කපලා ඉවත් කරන්න. කැබිනට් පේපරයක් දානවා. ඇහුවාම කියනවා ප්ලේන් එනවා ගුවන්තොටුපලට. ගස් තියෙන එක බාධාවක් කියලා. ඒක තමයි උත්තරේ අක්කර දෙසිය කපන්න තීරණය කරනවා කැබිනට් පේපරයක් දාලා ඒ කැබිනට් පේපරයෙම තව තියෙනවා පොඩි කොටසක් ඉතිරිවෙලා ගෝල්ෆේස් එකේ. ඔන්න ඒ කොටසත් විකුණලා දාන්න ලෑස්ති වෙලා තියෙනවා. කොම්පඤ්ඤ ගියෙත් ඉඩම් වගේ අද එනවා රජයේ ඒකත් විකුණලා දාන්න ලෑස්ති කරලා තියෙනවා. දැන් එන්න එන්න බහුජාතික සමාගම්වලට මේ ඉඩම් දෙනවා. පහුගිය දවස්වල හෙක්ටයාර ලක්ෂ පහක් 15 ඇල ඉරක් 2014 චක්‍ර ලේඛනය හරහා මේ රටේ ඉඩම් බහුජාතික සමාගම් වලට දෙන්න ගියාම අපි කළ සටනේ ප්‍රතිඵල වශයෙන් තමයි.අපිට එක නතරකරගන්න පුළුවන් වුනේ''
මේ අතර කොළඹ නරගරයේ ඉඩම් කොටසක් සංවර්ධනය සඳහා ඉදිරිපත්වු කැබිනට් පත්‍රිකාවක් පිළිබඳව ඊයේ පැවති කැබිනට් තීරණ දැණුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ජවේදී ප්‍රශ්න කෙරිණ.
මාධ්‍යවේදී ප්‍රශ්නය :-
ඇමතිතුමා ඊයේ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා මේ කොම්පඤ්ඥ වීදිය ප්‍රදේශයේ අක්කර 9 ක් සංවර්ධන කටයුත්තක් සඳහා යොදා ගන්න කියලා.
බන්දුල ගුණවර්ධන :-
ඊයේ...?
මාධ්‍යවේදී ප්‍රශ්නය :-
ඔව් එහෙම ආරංචියක් ආවා. එක ඊට කලින් ගොල්ෆෙස් එකේ අක්කර 6 ක් අරගෙන ෆෑන්ග්‍රිලා එකට දුන්නා මේකත් එහෙම දෙන්න සුදානමක් ද?
බන්දුල ගුණවර්ධන :-
ඊයේ එහෙම සාකච්ජා වුණේ නෑනේ.
මාධ්‍යවේදී ප්‍රශ්නය :-
හැබැයි ඉදිරිපත් වෙලා තියෙනවා ඇමතිතුමා...
බන්දුල ගුණවර්ධන :-
නෑ... එහෙම ඉදිරිපත් වුණොත් අපි කියනවා. මොකුත් හංගන්න දෙයක් නෑනේ එකනේ මේ ඔබතුමාලාට එන්න කියලා කියන්නේ.
මාධ්‍යවේදී ප්‍රශ්නය :-
යෝජනා අංක 8 විදිහට ඉදිරිපත් වෙලා තියෙනවා...
බන්දුල ගුණවර්ධන :-
අනුමත වෙලා නෑ... අනුමත උනොත් කියනවා. මේ ඉදිරිපත් වන මහර කැබිනට් පත්‍රිකා සාකච්ජා කරලා පසුවට කල් තියෙනවා.. කල් තියන සාකච්ජා න්‍යාය පත්‍රයේ ඉදිරිපත් වුනාට අපි ගන්නේ නෑ.