ජනපතිගෙන් දේශීය ඉංජිනේරුවන්ට ඇරයුමක්

ජනපතිගෙන් දේශීය ඉංජිනේරුවන්ට ඇරයුමක්

by Staff writer 17-07-2020 | 6:25 PM
COLOMBO (News 1st) : නාගරික සහ ග්‍රාමීය ජනතා අවශ්‍යතා ඉටුවන අයුරින් ක්ෂේත්‍රයේ පෙරළියකට එක්වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය ඉංජිනේරුවරුන්ට ආරාධනා කළේ ය. නාගරික සහ ග්‍රාමීය ජනතා අවශ්‍යතා ඉටුවන අයුරින් ක්ෂේත්‍රයේ පෙරළියකට එක්වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය ඉංජිනේරුවරුන්ට ආරාධනා කළේ ය. ඒ, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයන් සමග පැවැති හමුවකදීයි. පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණයට සහය දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ විවිධ ස්ථානවලදී ජනතාව හමුවීම අද යළි ආරම්භ කළේ ය. පදියතලාව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවති ජනතාව හමුවූ ජනාධිපතිවරයා ඔවුන්ගේ ගැටලු විමසුවේ ය. පදියතලාව ජනතාවගේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ ප්‍රදේශයේ ගොවීන් වගා කරන දෙහි සහ මුං ඇට ඇතුළු ධාන්‍ය වර්ග අතරමැදියන්ගෙන් තොරව අලෙවි කර ගැනීමට ආර්ථික මධ්‍යස්ථානයක් පිහිටුවන ලෙසයි. අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව පීඩා විඳින තවත් ප්‍රධානතම ගැටලුවක් වන පානීය ජල ගැටලුව පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ. ජනතාව ඉල්ලා සිටියේ 2015 වසරට පෙර පදියතලාව ප්‍රදේශයේ සංවර්ධනය කිරීමට යෝජනාකර තිබූ මංතීරු 4 ක මාර්ගය ඉදිකර දෙන ලෙසයි. මේ අතර එහි පැමිණි තරුණයෙකු කොළඹට පමණක් සීමා වී ඇති තාක්ෂණික උපාධි පාඨමාලා ප්‍රාදේශීය වශයෙන් පැවැත්වීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ය.