ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 17-07-2020 | 7:30 AM

දේශීය පුවත්….

1. 'බ්ලූඕෂන්' සමූහය ගැන CID යෙන් විමර්ශන : බ්ලූඕෂන් නමැති දේපොළ වෙළෙඳ සමාගම් සමූහය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විමර්ශනයක් ආරම්භ කර තිබේ. 2. තජුඩීන් ඝාතනය: CIDයෙන් අධිකරණයට දැනුම් දීමක් : වසීම් තජුඩීන් ඝාතන නඩුවේ සැකකරුවන් වන එවක කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා මියගොස් ඇතැයි ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ. 3. 13වන සියවසේ රාජ සභා මණ්ඩපය කුරුණෑගල නගරාධිපති කඩයි : කුරුණෑගල රාජ සභා මණ්ඩපයට ආරක්ෂාව තහවුරු කරන ලෙස පොලීසිය දැනුවත් කර තිබියදීත් එය කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ. 4. අඟුලාන පොලීසියට ගල් ගැසූ සැකකරුවන් 06 ක් අත්අඩංගුවට : අඟුලාන පොලිස් ස්ථානයට ගල්මුල් ප්‍රහාර එල්ල කර රජයේ දේපොළවලට හානි කිරීම සම්බන්ධයෙන් කාන්තාවන් 03 ක් ඇතුළු සැකකරුවන් 06 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 5. “ලොක්ඩවුන් කිරීමේ අවශ්‍යතාවක් නැහැ”- අගමැති අවධාරණය කරයි :රට ලොක්ඩවුන් කිරීමට අවශ්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 6. කොරෝනා අසාදනය වීමෙන් විදෙස්ගත ලාංකිකයින් 40 ක් මරුට : කොරෝනා අසාදනය වීමෙන් විදෙස්ගත ලාංකිකයින් 40 දෙනෙකු මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 7. මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව සාමාජිකයින් තිදෙනෙක් : ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව සාමාජිකයින් තිදෙනෙකු පත්කර තිබේ.