කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට ගිය අමුත්තන් කිසිවෙකුටත් කොරෝනා නොමැති බව තහවුරු වෙයි

කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට ගිය අමුත්තන් කිසිවෙකුටත් කොරෝනා නොමැති බව තහවුරු වෙයි

කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට ගිය අමුත්තන් කිසිවෙකුටත් කොරෝනා නොමැති බව තහවුරු වෙයි

කර්තෘ Chathuranga Rajapaksha

17 Jul, 2020 | 8:59 am

COLOMBO (News 1st): කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට ගිය අමුත්තන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බව PCR පරීක්ෂණ මගින් තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ හේතුවෙන් කොරෝනා වෛරසය සමාජයට යෑමට තිබූ එක් අවස්ථාවක් මගහැරී ගොස් ඇති බව යුද හමුදාපතිවරයා අවධාරණය කළේය.

මේ වනවිට මෙම පොකුරෙන් කොරෝනා ආසාදනය වී තිබෙන්නේ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට පමණක් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ වනවිට රටපුරා නිරෝධායන මධ්‍යස්ථාන 60ක් පවත්වාගෙන යන බවත් එහි පුද්ගලයින් 7,060ක් නිරෝධායනය වන බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

News Alert

🔺කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට ගිය අමුත්තන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බව PCR පරීක්ෂණ මගින් තහවුරු වෙයි. – යුද හමුදාපතිRead more: https://bit.ly/2WrUavu🔺All those who visited inmates at the Kandakadu T&R Center have tested NEGATIVE for COVID-19 : Army Commander#lka #News1st #Covid19 #Kandakadu #Armycommander #ShavendraSilva

Posted by Newsfirst.lk on Thursday, July 16, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]