"ලොක්ඩවුන් කිරීමේ අවශ්‍යතාවක් නැහැ"

"ලොක්ඩවුන් කිරීමේ අවශ්‍යතාවක් නැහැ"- අගමැති අවධාරණය කරයි

by Staff writer 16-07-2020 | 6:51 PM

COLOMBO (News 1st) - රට ලොක්ඩවුන් කිරීමට අවශ්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අගමැතිවරයා මෙම අදහස් පළ කළේ, අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති හමුවේදීය. මෙම මාධ්‍ය හමුවට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු කොරෝනා මැඩලීමේ රජයේ යාන්ත්‍රණයට සම්බන්ධ පාර්ශව ද කැඳවා තිබුණි. https://www.facebook.com/NewsfirstSL/videos/2380077458951247/