රාජාංගනයේ 395 කට කොරෝනා නැහැ....

රාජාංගනයේ 395 කට කොරෝනා නැහැ.... PCR වාර්තා තහවුරු කරයි

by Staff writer 16-07-2020 | 7:31 AM
COLOMBO (News 1st) : PCR පරීක්ෂණයට යොමු කළ රාජාංගනයේ පදිංචි පුද්ගලයින් 395 දෙනාට කොරෝනා අසාදනයවී නොමැති බව තහවුරුවී ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. මේ අතර ඊයේ ආසාදිතයින් 9 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2674 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කටාරයේ සිට පැමිණි පුද්ගලයින් 4 දෙනෙකු සහ එක්සත් අරාබි රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු ඒ අතර වේ. තවත් පුද්ගලයෙකු කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි කන්දකාඩු මධ්‍යස්ථානයෙන් හමුවූ ආසාදිතයෙකුගේ, ආශ්‍රිතයෙකි. කොරෝනා ආසාදිතයින් 662 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබති. ඊයේ දිනයේ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 13 දෙනෙකි. ඒ අනුව මේ වන විට පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 2001 කි.