ගුවන් හමුදා සාමාජිකයින් රැගත් බස් රථයක් අනතුරට

පන්නලදී සිදු වූ අනතුරකින් ගුවන් හමුදා සාමාජිකයින් 9 කට තුවාල

by Staff writer 16-07-2020 | 4:42 PM

COLOMBO (News 1st) - පන්නල නගරයේ අද අලුයම සිදු වූ අනතුරකින් බස් රථ රියදුරෙකු මියගොස් ගුවන් හමුදා සාමාජිකයින් 9 දෙනෙකු සුළු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, ගුවන් හමුදා සාමාජිකයින් රැගෙන ගිය බස් රථයක් හා කුලියාපිටිය සිට පන්නල දෙසට ධාවනය වූ බස් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවය. අනතුරින් මියගොස් ඇත්තේ, පන්නල දෙසට ධාවනයේ වූ බස් රථයේ රියැදුරායි. ඔහු දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර තුවාල ලැබූ ගුවන් හමුදා සාමාජිකයින් 9 දෙනා දඹදෙණිය සහ සදලංකාව රෝහල්වලට ඇතුළත් කළ බව පොලීසිය පැවසීය.