පෞ. සේවක වැටුප් ගෙවීමට එකඟ වූ කාලය දීර්ඝ කෙරේ

නිවසේ සිටි පෞ. සේවකයින්ට ගෙවූ වැටුපම සැප්. දක්වා ගෙවීමට එකඟතාවක්

by Staff writer 16-07-2020 | 12:45 PM
COLOMBO (News 1st) : කොරෝනා වසංගතය හේතුවෙන් ඇති වු අර්බුදය හමුවේ පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එකඟ වූ කාලසීමාව දිර්ඝ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. පසුගිය මැයි සහ ජුනි මාස දෙක සඳහා වැඩ නොමැතිකම හේතුවෙන් සේවකයින් නිවෙස් තුළ රැදවීමේ අවශ්‍යතාවයක් පැවති ආයතනවල සේවකයින්ට ඔවුන්ට අවසානයට ගෙවන ලද වැටුපෙන් 50% ක් හෝ රුපියල් 14,500 ක් හෝ යන දෙකෙන් වඩා වාසිදායක මුදල ගෙවීමට තීරණය කෙරිණ. ඒ සේවා යෝජකයින්, සේවක වෘත්තීය සමිති සහ නිපුණතා සංවර්ධන රැකි රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශ නිලධාරින් අතර පැවති සාකච්ඡාවකදීයි. එම එකඟතාව ලබන සැප්තැම්බර් මාසය දක්වා දිර්ඝ කර වැටුප් ගෙවීමට වැටුප් ගෙවීමට එකඟතාව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවති කැබිනට් තීරණ දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළේ ය.