කැබිතිගොල්ලෑවේ මාරක රිය අනතුරක්

කැබිතිගොල්ලෑවේ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මරුට

by Staff writer 16-07-2020 | 10:19 AM
COLOMBO (News 1st) : කැබිතිගොල්ලෑව, මැදවච්චිය මාර්ගයේ ඇටවීරගොල්ලෑව ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රියේ යතුර පැදි දෙකක් මුහුණට මුහුණ ලා ගැටිමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් මියගොස් ඇත්තේ 25 සහ 27 හැවිරිදි ඇටවීරගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකි. අනතුර සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/697582864417042/