නිරෝධායන ප්‍රදේශවල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම තාවකාලිකව අත්හිටුවයි

නිරෝධායන ප්‍රදේශවල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම තාවකාලිකව අත්හිටුවයි

නිරෝධායන ප්‍රදේශවල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම තාවකාලිකව අත්හිටුවයි

කර්තෘ Staff writer

16 Jul, 2020 | 8:02 am

COLOMBO (News1st ) : පුද්ගලයින් නිරෝධායනයට යොමුකර ඇති ප්‍රදේශවලට හා නිවාසවලට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ සෞඛ්‍ය උපදෙස් අනුව එම තීරණය ගත් බවයි.

කෙසේ වෙතත් ඉදිරියේදී සෞඛ්‍ය උපදෙස් සහ අනෙකුත් උපදෙස් අනුව යමින් එම කටයුතු සක්‍රිය කිරීමට බලාපපොරොත්තු වන බවයි.

නිල ඡන්ද දැන්වීම පත්‍රිකා භාරගැනීමේදී අත්සන යෙදීම සඳහා පෞද්ගලික පෑනක් භාවිත කරන්නැයි ද තැපැල් දෙපාර්තමේන්තුව ඡනතාවට දැනුම් දෙයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]