විදෙස්ගත අය මෙරටට රැගෙන ඒම ආණ්ඩුව නතර කළේ ඇයි ?

විදෙස්ගත අය මෙරටට රැගෙන ඒම ආණ්ඩුව නතර කළේ ඇයි ?

by Staff writer 15-07-2020 | 10:09 PM

COLOMBO (News 1st) - විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයින් මේ වනවිට ගැටලු රැසකට මැදිව සිටිනු ඇත.

ඒ, යළි මෙරටට පැමිණීමට නොහැකිවීම... වීසා අවසන් වීම.... ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල් වසා දැමීම... නිරෝධායනට ලක්ව සිටීම... රැකියා අහිමි වීම.. ඇතුළු ගැටළු ඒ අතර ප්‍රධානයි. මෙවැනි ගැටළුවලට මැදිව සිටින පිරිස් මෙරටට ගෙන්වා ගැනීම ඊයේ සිට තාවකාලිකව නරත කෙරුණි. එම තීරණයත් සමග මැදපෙරදිග සහ යුරෝපා ඇතුළු රටවල් ගණනාවක යළි පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයින්ට ඒ සඳහා තව ත් කාලයක් බලා සිටීමට සිදුවනු ඇති. විදෙස්ගත අය මෙරටට රැගෙන ඒම ආණ්ඩුව නතර කළේ ඇයි ? ඉදිරියේදී ගන්නා පියවර කුමක් ද ? මේ වසර ආරම්භයේදී විදෙස්ගතව සිටි පිරිස ලක්ෂ 20 ක් විය. රැකියා, අධ්‍යාපන හා වෙනත් අවශ්‍යතා මත විදෙස් ගත වූ එම පිරිසෙන් ඇතැම් අය කොරෝනා වසංගතය ආරම්භයත් සමග මෙරටට යළි පැමිණියේ ය. ඊයේ දවස වනවිට රටවල් 74 කින් එලෙස යළි පැමිණි සංඛ්‍යාව 16456 කි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්තවලට අනුව නැවත පැමිණීම සඳහා ඉල්ලුම්කර තිබු මුළු ගණන හතලිස් දහසක් විය. විදෙස් ගතවූ ශ්‍රී ලාංකිකයින්ට ඇති එකම ගැටලුව යළි මෙරටට පැමිණීම ම පමණක් නොවේ. මේ අතර මැදපෙරදිග සිටින බොහෝ ශ්‍රී ලාංකිකයින් මුහුණ දී ඇති ගැටලුව වන්නේ ඔවුන්ගේ සේවා කොන්ත්‍රාත්තු අවසන් වීමයි. මේ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමන්‍යාධිකාරී හා මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා පැහැදිළි කළේ ය. මේ අතර කොරෝනා ආසාදිතව විදෙස් රටවලදී ලාංකිකයින් 35 දෙනෙකු මේ වනවිට මියගොස් තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී එම්.වී.වන්සේකර මහතා පැවසුවේ, මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 6 ක වන්දියක් ලබාදෙන බවයි. විදෙස්ගත වූවන් යළි පැමිණීම, ඔවුන්ට රැකියා අහිමි වීම, අධ්‍යාපන කටයුතු බිඳවැටීම හා නව විදෙස් රැකියා උත්පාදනය නොවීම හමුවේ රටක් ලෙස අප සියලු දෙනාට අනාගතයේ අභියෝගය රැකසට මුහුණ දීමට ද සිදුවනු ඇති. https://www.facebook.com/NewsfirstSL/videos/3102121406549125/