මාර්තු, අප්‍රේල් සහ මැයි විදුලි බිල්පත්වලට සහනයක්

මාර්තු, අප්‍රේල් සහ මැයි විදුලි බිල්පත්වලට ආණ්ඩුවෙන් සහනයක්

by Staff writer 15-07-2020 | 3:38 PM

COLOMBO (News 1st) - මාර්තු, අප්‍රේල් සහ මැයි මාස සඳහා වන විදුලි බිල්පත්වලට ආණ්ඩුව සහනයක් ලබාදී තිබේ.

ඒ අනුව අදාළ මාසවලට ගෙවිය යුත්තේ පෙබරවාරි මාසයේ ලැබුණු බිල්පතේ ගාස්තුවමය. අද එම තීරණයට එළැඹි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ බිල්පත් ගෙවීමට මාස දෙකක සහන කාලයක් ද ලබාදෙන බවයි. එම කාලය තුළ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකිරීමට ද ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් දී ඇතැයි අමාත්‍යවරයා අවධාරණය කළේ ය. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මාර්තු, අප්‍රේල් හා මැයි මාස තුනේ බිල්පත් දැනටමත් ගෙවා ඇත්නම් ඊට අදාළ මුදල් ලබාදීමට හෝ ඉදිරි බිල්පත්වලින් පුරණය කිරීමට පියවර ගන්නා බවයි.