මහා පරිමාණ මුදල් වංචාවක් ගැන හෙළිදරව්වක්

මහා පරිමාණ මුදල් වංචාවක් ගැන හෙළිදරව්වක්

by Staff writer 15-07-2020 | 9:27 AM
COLOMBO (News 1st) : මහා පරිමාණයෙන් ජනතා මුදල් වංචා කිරීමේ සිදුවීම් ගණනාවක් පසුගිය සමයේ දිගින් දිගටම වාර්තා විය. තවත් එවැනි වංචාවක් ගැන තොරතුරු අද අනාවරණය වූයේ, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකිනි. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඉදිකරන සුපිරි මහල් නිවාස ලබාදෙන බව කියමින් ගැනුම්කරුවන්ගේ මුදල් එක්රැස්කර වංචා කළා යැයි කියමින් මේ නඩුව ගොනුකර තිබිණ. රුපියල් මිලියන 275 ක මුදලක් මෙසේ වංචා කර ඇතැයි කියමින් බ්ලූ ඕෂන් බ්‍රීස් හා බ්ලූ ඕෂන් රියැලිටි නමැති සමාගම් දෙකට එරෙහිව ගැනුම්කරුවෙකු පැවරූ නඩුව අද කැඳවූ අවස්ථාවේ අධිකරණය සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකුට නොතීසි නිකුත් කළේ ය. පැමිණිලි පාර්ශවයේ නීතිඥ නීතිඥ හර්ෂණ එම් ද සිල්වා පැවසුවේ, විදේශ ගමන් ද තහනම් කරමින් අධිකරණය සිවරාජා තුමිලන් සහ සිවරාජා තුළනි යන අධ්‍යක්ෂවරුන් වෙත සිතාසි නිකුත් කළ බවයි. නඩුව ලබන සැප්තැම්බර් මස 15 වෙනිදා යළි කැඳවනු ඇති. ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ඇතුළු නීතිඥ මඩුල්ලක් පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් අද අධිකරණයේ පෙනී සිටියහ. https://www.youtube.com/watch?v=PmMt72wzKVE&feature=youtu.be