දේශපාලන ප්‍රවර්ධනය සඳහා දරුවන් යොදා ගන්න එපා..!

දේශපාලන ප්‍රවර්ධනය සඳහා දරුවන් යොදා ගැනීමෙන් වළකින්න - මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්

by Staff writer 15-07-2020 | 4:30 PM

COLOMBO (News 1st) - මැතිවරණ කාලසීමාව තුළදී බාල වයස්කාර දරුවන් අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීමෙන් වළකින්නැයි මැතිවරණ කොමිසම් සභාව ඉල්ලීමක් කර තිබේ.

ඒ, බාල වයස්කාර දරුවන් අපේක්ෂක ප්‍රවර්ධන වීඩියෝ පට, වෙළෙඳ නිවේදන, පෝස්ටර්ස්, දැන්වීම් සඳහා යොදා ගැනීමේ ප්‍රවණාතාවක් පවතින බව නිරීක්ෂණ සංවිධාන කිහිපයක් මැතිවරණ කොමිසම වෙත දැනුම් දීමෙන් අනතුරුවය. අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා දරුවන් යොදා ගැනීමෙන් ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට, මානසික මට්ටමට සහ අනන්‍යතාවට මෙන්ම ඔවුන්ගේ අනාගතයට ද අහිතකර බලපෑම් ඇතිවිය හැකි බව මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.