by Staff writer 15-07-2020 | 7:07 AM
COLOMBO (News 1st) : ටෙනිස් බෝලවල අසුරා කළුතර මල්වත්ත බන්ධනාගාරයට හෙරොයින් , දුම්කොළ , ජංගම දුරකථන සපයන සංවිධානාත්මක කණ්ඩායමක් උතුරු කළුතර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, 15 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බවයි.
මෙහිදී බන්ධනාගාරයට යැවීමට සූදානම් කර තිබූ හෙරොයින් ග්‍රෑම් 12 යි මිලිග්‍රෑම් 5 ක්, දුම්කොළ 19 ක්, ටෙනිස් බෝල් 2 ක් හෙරොයින් උරාබොන උපකරණ පොලිස් භාරයට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, මත්කුඩු සම්බන්ධයෙන් මල්වත්ත බන්ධනාගාරය තුළ රඳවා සිටින රැඳවියන් කිහිප දෙනෙක් මෙම පිරිස මෙහයවා ඇති බවට සැක කරන බවයි.
එක් ටෙනිස් බොලයක් බන්ධනාගාරය තුළට යොමු කිරීමට රුපියල් 15000 ක් ලබාදෙන බවට තොරතුරු ලැබී ඇතැයි, පොලීසිය පැවසී ය.
සැකකරුවන් හෙට කළුතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.